ජමුණා නෞකාව ගාල්ලට

හමුදා තොරතුරු

ඉන්දියානු නාවුක නෞකා ‘ජමුණා’ නෞකාව ගාල්ල වරායට සේන්දු වේ.

ඉකුත් දෙසැම්බර් 20 වැනි දින, මෙරට මුහුදු සීමාව සිතියම්ගත කිරීමේ එ්කාබද්ධ වැඩසටහනට සහභාගීවිම සඳහා කොළඹ වරායට පැමිණි ‘ජමුණා’ නෞකාව කොළඹ සිට ගාල්ල දක්වා වූ මුහුදු තීරය සමික්‍ෂණ කිරීමෙන් අනතුරුව ජනවාරි 04 වැනි දා ගාල්ල වරායට ළඟා විය.

එහිදී නාවුක සම්ප්‍රදායානුකූල ව ශ්‍රී ලංකා නාවුක හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.

අනතුරුව නෞකාවේ අණදෙන නිලධාරි, කපිතාන් එච්.ඒ. හාර්ඩස් දකුණු නාවුක විධාන මූලස්ථානයේ දී, දකුණු නාවුක විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවීර හමු විය.

ඔවුන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කීපයක් සම්බන්ධයෙන් සුහද පිළිසඳරක නිරත වන ලදී.

මෙම අවස්ථාවට දකුණු නාවුක විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු රංජිත් ප්‍රේමරත්න සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් අශෝක් රාඕ ද සහභාගි වූ හ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/01/05/%e0%b6%a2%e0%b6%b8%e0%b7%94%e0%b6%ab%e0%b7%8f-%e0%b6%b1%e0%b7%9e%e0%b6%9a%e0%b7%8f%e0%b7%80-%e0%b6%af%e0%b7%92%e0%b7%80%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b6%a7/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *