බෙන්තර ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධිලාභීන්ට ස්වයංරැකියා සඳහා අත්‍යවශ්‍ය උපකරණ පිරිනැමේ.
අමාත්‍ය ගයන්ත කරුණාතිලකගේ විමධ්‍යගත අරමුදලෙන් ජීවනෝපාය සංවර්ධන වැඩසටහන යටතේ කොට්ඨාශයේ සමිති කිහිපයකට බෙන්තර ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ දී ප්ලාස්ටික් පුටු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ඉකුත් දා බෙදා දෙන ලදී.
ප්‍රදේශවාසීන් අතර පැවති ගෙවතු වගා තරගයෙ ජයග්‍රහාකයින්ට සහතික පත්‍ර බෙදා දීම ද එදින සිදු කෙරිණ.
එම අවස්ථාවට දකුණු පළාත් සභා මන්ත්‍රී ජයසිරි නානයක්කාර, ප්‍රදේශීය ලේකම් ඩබ්ලිව්. විතාන ඇතුළු පිරිසක් එක්වූ හ.