නාවුක හමුදාපති දළඳා මැදුරේ

හමුදා තොරතුරු

නව ධුරයේ රාජකාරි ඇරඹූ නාවුක හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා,ජනවාරි 05 වැනි දා දළඳා සමිඳු වන්දනා කරයි.

අනතුරුව හෙතෙම මල්වතු හා අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේ ය.

මෙම අවස්ථාවට ඔහුගේ බිරිඳ, ජේ. කේ. අරුන්දති උදිතමාලා ජයනෙත්ති සහ ජ්‍යෙෂ්ඨ නාවුක නිලධාරීන් පිරිසක් සහභාගී වූ හ.

මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහ නාහිමියන් ද බැහැදැක උන්වහන්සේලාගේ ආශිර්වාදය ලබා ගත් නාවුක හමුදාධිපතිවරයාට උන් වහන්සේ දෙනම නව තනතුරේ රාජකාරි මැනවින් ඉටු කළ යුතු ආකාරය පිළිබඳ කෙටි අනුශාසනා සිදු කළ හ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/01/06/%e0%b6%b1%e0%b7%8f%e0%b7%80%e0%b7%94%e0%b6%9a-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%8f%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b6%af%e0%b7%85%e0%b6%b3%e0%b7%8f-%e0%b6%b8%e0%b7%90%e0%b6%af%e0%b7%94/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *