අකිලගේ වැඩ ජනපතිගේ ඇගයුමට

එහෙන් මෙහෙන්

වසර 08 කට වඩා එක ම පාසලක සේවය කළ විදුහල්පතිවරුන් මාරු කිරීම සහ වසර ගණනාවක් පුරා ජාතික පාසල් රැසක පවතින ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් පත් නොකිරීමේ ගැටළුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ජනවාරි 15 වැනි දා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී විමසා තිබෙනවා.

එහි දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසා ඇත්තේ, වසර ගණනාවක් තිස්සේ නිසි ක්‍රමවේදයකට අනුව බඳවාගැනීම් සහ උසස් කිරීම් සිදු නොකිරීම හේතුවෙන් පාසල් පද්ධතිය තුළ මෙම ගැටළුව නිර්මාණය වී තිබූ බවයි.

තමන් විසින් පද්ධතියට නවක ශ්‍රේණිධාරීන් බඳවාගැනීමට පියවර ගත් බවත්, ඒ සඳහා ගැසට් නිවේදන පළ කොට උසස්වීම් ක්‍රමවත් ව ලබාදෙමින් පුරප්පාඩු සහිත ජාතික පාසල් තනතුරු සඳහා බඳවාගැනීමට අදාල ව සම්මුඛ පරීක්ෂණවලට කැඳවීමට, අදාල නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

ඊට සමගාමී ව එක ම පාසලක වසර 8 කට වඩා සේවය කළ විදුහල්පතිවරුන් මාරු කිරීමට පියවර ගැනීමට තීරණය කර තිබූ බවයි, අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.

එහෙත් පසුගිය දින 50 ක කාලය තුල අදාල සම්මුඛ පරීක්ෂණ සහ කටයුතු රැසක් ඇණහිටීමත්, පාසල් කිහිපයක විදුහල්පතිවරුන් අදාල ස්ථාන මාරුවීම්වලට එරෙහි අධ්‍යාපන අමාත්‍යාංශයට විවිධ බලපෑම් කරමින් සිටින බවත් මෙහි දී සාකච්ඡාවට ලක් වුණා.

කෙසේවෙතත්, අධ්‍යාපන අමාත්‍යවරයා ගෙන ඇති මෙම ප්‍රතිපත්තිමය තීරණය වහා ක්‍රියාත්මක කළ යුතු බවට ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය එකඟතාව පළ කර තිබෙනවා.

කිසිදු බලපෑමකට යටත් නොවී සෘජු ව ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ක්‍රියාවට නැංවීමේ වැදගත්කම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් ද එය අගය කර ඇති බවයි වාර්තා වන්නේ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/01/15/%e0%b6%85%e0%b6%9a%e0%b7%92%e0%b6%bd%e0%b6%9c%e0%b7%9a-%e0%b7%80%e0%b7%90%e0%b6%a9-%e0%b6%a2%e0%b6%b1%e0%b6%b4%e0%b6%ad%e0%b7%92%e0%b6%9c%e0%b7%9a-%e0%b6%87%e0%b6%9c%e0%b6%ba%e0%b7%94%e0%b6%b8/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *