ක්ෂණික ජල පුහුණු වැඩසටහනක්

හමුදා තොරතුරු

හමුදා සහ සිවිල් වැසියන් වෙනුවෙන් විශේෂ පුහුණු වැඩපිළිවෙලක් සංවිධාන කෙරේ.

ආසියා ශාන්තිකර ආපදා කළමනාකරණ සංවිධානය එය සංවිධාන කරයි.

සොයාගැනීමේ සහ බේරාගැනීමේ ක්ෂණික ජල පුහුණු‍ වැඩසටහනක් වන එය ජනවාරි 16 වැනි දා සිට දින 08 ක් නාවුක හමුදා ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලගණ මූලස්ථානය පිහිටි පුත්තලම, එළුවන්කුලම්හි ග‍ඟේවාඩිය කලපු ප්‍රදේශය ආශ්‍රිත ව පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බව නාවුක හමුදාව කියයි.

පාඨමාලාව හමුදා සහ සිවිල් වශයෙන් අදියර 02 ක් යටතේ පැවැත්වෙන අතර, ජපානයේ ආසියා පැසිෆික් ආපදා කළමනාකරණ සංවිධානයේ දායකත්වයෙන් ප්‍රවීණ පුහුණුකරුවන් 06 දෙනෙකු ඊට සහභාගි වෙති.

ශ්‍රී ලංකා නාවුක හමුදා උපදේශකවරුන් ද ඊට සහභාගිවීමට නියමිත ය.

අදාල උපදේශකවරුන් දැනුවත් කිරීමේ සැසියක් ජනවාරි 15 වැනි දා නාවුක හමුදා ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලගණ මූලස්ථානයේ දී පැවැත්විණි.

පුහුණු වැඩසටහන සඳහා නාවුක හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවාගැනීමේ සහ සහන සැලසීමේ ඒකකයට (4RU) අනුයුක්ත සාමාජිකයින්, යුද්ධ, ගුවන් හමුදාවට සහ පොලිසියට අනුයුක්ත සාමාජිකයින් හා ස්වේච්ඡා සංවිධාන සහ සිවිල් ජනතාව සහභාගිවීමට නියමිත ය.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/01/15/%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%ab%e0%b7%92%e0%b6%9a-%e0%b6%a2%e0%b6%bd-%e0%b6%b4%e0%b7%94%e0%b7%84%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b7%80%e0%b7%90%e0%b6%a9%e0%b7%83%e0%b6%a7%e0%b7%84%e0%b6%b1/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *