අනවසර ඉන්දීය යාත්‍රා යළි එරට ට

හමුදා තොරතුරු

මෙරට අත්අඩංගුවේ තිබූ තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 06 ක් යළි ඉන්දියාවට භාර කෙරේ.

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් අදාල යාත්‍රා නාවුක හමුදා භාරයට ගන්නා ලදී.

ඉන්දීය ධීවරයින්ට අයත් එම ට්‍රෝලර් යාත්‍රා යළා එරටට භාරදීම ජනවාරි 31 වැනි දා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහායෙන් සිදුකෙරිණි.

ට්‍රෝලර් යාත්‍රා කරෛනගර්, ශ්‍රී ලංකා නාවුක නෞකා එළාර සහ නච්චිකුඩා, ශ්‍රී ලංකා නාවුක ‍නෞකා බුවනෙක ආයතනයෙහි කිරන්චි අනුඛණ්ඩයට අයත් ජැටිවල නැංගුරම් ලා තිබූ අතර, එම ධීවර යාත්‍රා අළුත්වැඩියාව සඳහා ඉන්දීය ඉංජිනේරුවන් පිරිසක් පසුගිය දා ශ්‍රී ලංකාවට පැමිණිය හ.

ඒ අනුව, අළුත්වැඩියාවෙන් අනතුරුව ට්‍රෝලර් යාත්‍රා භාර දීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් යාත්‍රා එක් ව තිබේ.

ශ්‍රී ලංකාවට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේ දී ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ ‘අයුෂ්’ සහ ‘රානී දූර්ගාවතී’ නෞකා වෙත ට්‍රෝලර් යාත්‍රා භාර දෙන ලදී.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/02/01/%e0%b6%85%e0%b6%b1%e0%b7%80%e0%b7%83%e0%b6%bb-%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%93%e0%b6%ba-%e0%b6%ba%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%8f-%e0%b6%ba%e0%b7%85%e0%b7%92/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *