ගොවි කඳුළු කියන්න ගොවි තාත්තා

කලාව

මෙරට ගොවි ජනතාවගේ සැබෑ ජීවන අරගලය ඇසුරෙන් චිත්‍රපටයක් නිපද වේ.

රසායනික පොහොර භාවිත නූතන කෘෂිකාර්මික යුගයේ දේශීය ගොවියා හමුවට එන ඛේදවාචක ඇසුරෙන්, ලොව ප්‍රථම ආසියාතික ගොවි සිනමා සිත්තම ලෙස නිපදවෙන එය,ගොවි තාත්තා ලෙස නම් කර ඇත.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ උණගලාවෙහෙර ගම්මානයේ දිවිගෙවූ ප්‍රේමරත්න දිසානායක ගොවි මහතාගේ ජීවන පුවත ඇසුරෙන් ඔහුගේ දෙටු පුත් සංගීතඥ දර්ශන රුවන් දිසානායක එය අධ්‍යක්ෂණය කරයි.

ගොවි තාත්තා ශ්‍රී ලංකාවේ සංගීතඥයෙකු අධ්‍යක්ෂණය කරන පළමු චිත්‍රපටය වේ.

දිසානායක ගොවි පියා වකුගඩු රෝගය හේතුවෙන් ජීවිතක්ෂයට පත් ව 06 වසරක් පසිරි ජනවාරි 31 වැනි දා පෙරවරුවේ බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේ පැවති ගොවි තාත්තා සිනමාපටයේ මුහුරත් උළෙලට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයි.

සිනමා පටයේ තිර පිටපත එහි නිෂ්පාදක සරත් බණ්ඩාර කොක්වැව විසින් ජනාධිපතිවරයා ඉදිරියේ ප්‍රේමරත්න දිසානායක මහතාගේ බිරිඳ වන බී.එම්. බිසෝමැණිකේ මහත්මිය වෙත පිළිගන්වන ලදී.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා අනූෂා ගෝකුල, මානව විද්‍යාඥ ආචාර්ය සුනිල් රණසිංහ, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ඇතුළු ආරාධිතයින්, දර්ශන රුවන් දිසානායක ඇතුළු නිෂ්පාදන කණ්ඩායම සහ ප්‍රේමරත්න දිසානායක පවුලේ ඥාතීහු මෙම අවස්ථාවට එක්ව සිටිය හ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/02/01/%e0%b6%9c%e0%b7%9c%e0%b7%80%e0%b7%92-%e0%b6%9a%e0%b6%b3%e0%b7%94%e0%b7%85%e0%b7%94-%e0%b6%9a%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%9c%e0%b7%9c%e0%b7%80%e0%b7%92-%e0%b6%ad%e0%b7%8f/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *