පෙරමුණක් ලෙස ජය ගන්න සූදානම්!

දේශපාලන

මැතිවරණ කල්දැමීමට එක්සත් ජාතික පක්ෂයට කිසිදු උවමනාවක් නැතැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.

ඕනෑ ම ජාතික මැතිවරණයකින් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පුළුල් සන්ධානයේ ජයග්‍රහණය ස්ථිර බව ඔහු පෙන්වා දේ.

ඉකුත් රජය සිය පටු දේශපාලන අරමුණු වෙනුවෙන් පළාත්සභා මැතිවරණ වරින් වර පැවැත්වූ බව පෙන්වා දුන් මහලේකම්වරයා මැතිවරණ පැවැත්විය යුත්තේ පවතින විධිවිධාන යටතේ බව අවධාරණය කළේ ජනවාරි 31 වැනි දා අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන යටතේ වෘත්තීය විෂයයන් ඉගැන්වීමට ගුරුවරුන් බඳවාගැනීමේ දෙවැනි අදියරේ පත්වීම් ලිපි ප්‍රදානයෙන් පසු මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු සපයමිනි.

එක් එක් පුද්ගලයින්ට අවශ්‍ය පරිදි මැතිවරණ පැවැත්විය නොහැකි බව සඳහන් කළ මහලේකම්වරයා, කුමන ක්‍රමවේදයකට හෝ මැතිවරණ පැවැත්වීමට පාර්ලිමේන්තුවේ බහුතර අනුමැතිය අවශ්‍ය බව පෙන්වා දේ.

ඉදිරියේ පවත්වන ඕනෑම ජාතික මැතිවරණයක දී එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ බලවේගය වටා ජනතාව ඒකරාශි වන බව පැවසූ මහලේකම්වරයා ආණ්ඩුව ශක්තිමත් කිරීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් එක් වී ඇති බව ද පැවසී ය.

පෙර පැවති ජාතික ආණ්ඩුවට වඩා ශක්තිමත් ජාතික ආණ්ඩුවක් නව මුහුණුවරකින් පිහිටුවන බවත් ඉදිරියේ දී පෙරමුණක් ලෙස ජයග්‍රහණ ලබාගැනීමට හැකි ක්‍රමවේද අනුව කටයුතු කරන බවත් එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙම අදහස් ප්‍රකාශ කළා.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/02/01/%e0%b6%b4%e0%b7%99%e0%b6%bb%e0%b6%b8%e0%b7%94%e0%b6%ab%e0%b6%9a%e0%b7%8a-%e0%b6%bd%e0%b7%99%e0%b7%83-%e0%b6%a2%e0%b6%ba-%e0%b6%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b7%83%e0%b7%96%e0%b6%af%e0%b7%8f/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *