තවත් විශාල බීඩි කොල තොගයක්

හමුදා තොරතුරු

උතුරු මැද නාවක විධානයට අනුයුක්ත නාවුකයන් පිරිසක් තවත් විශාල බීඩි කොල තොගයක් අත්අඩංගුවට ගනිති.

ඔවුන් මාර්තු 22 වැනි දා පෙරවරුවේ තලෙයිමන්නාරම් මුහුදු ප්‍රදේශය ආශ්‍රිත සිදු කළ සෝදිසි කිරීමක දී බීඩී කොළ සහිත ගෝනි 41 ක් සමඟ සැකකරුවන් 03 දෙනෙකු අත්අඩංගුවට ගත් හ.

ඒ අනුව සිදු කළ සෝදිසි කිරීම්වල දි බීඩී කොළ කිලෝග්‍රෑම් 1547.68 ක ප්‍රමාණයක් හමු ව ඇත. මෙම බීඩී කොළ ඩිංගි යාත්‍රාවකින් ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ඒමට උත්සාහ කර ඇති බවට සැක පළ කෙරේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 28, 30 සහ 35 වන වියෙහි පසුවන තලෙයිමන්නාරම, ඌරුමලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එම බීඩී කොළ තොගය සහ සැකකරුවන් ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට නියමිත ව ඇත.

ඉකුත් දින කිහිපයේ නාවුක හමුදාව තලෙයිමන්නාරම් මුහුදු ප්‍රදේශයෙන් සිදුකරනු ලැබූ සොදිසි කිරීම්වලින් මේ වනවිට බීඩී කොළ කිලෝ ග්‍රෑම් 2787.3 ක ප්‍රමාණයක් ‍අත්අඩංගුවට ගැනීමට සමත් ව ඇති අතර තවදුරටත් නාවුක හමුදාව සෝදිසි මෙහෙයුම් සිදුකරමින් සිටී.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/03/22/%e0%b6%ad%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%8f%e0%b6%bd-%e0%b6%b6%e0%b7%93%e0%b6%a9%e0%b7%92-%e0%b6%9a%e0%b7%9c%e0%b6%bd-%e0%b6%ad%e0%b7%9c%e0%b6%9c%e0%b6%ba%e0%b6%9a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *