නාවුුක පිරිසක් කැන්බරා නෞකාවට

හමුදා තොරතුරු

ශ්‍රී ලංකා නාවක හමුදා සාමාජිකයින් පිරිසක් ඔස්ට්‍රේලියානු නාවුක හමුදා ‘කැන්බරා’ නෞකාවේ සංචාරයක නිරත වෙති.

‘ඉන්දු – පැසිෆික් සහයෝගීතා 2019’ වැඩසටහන සඳහා සහභාගිවිමට ඉකුත් මාර්තු 23 වැනි දා ශ්‍රී ලංකාවට සේන්දු වූ ඔස්ට්‍රේලියානු රාජකීය නාවුක හමුදාවට අයත් ‘කැන්බරා’ නෞකාවේ අදාල නිරික්‍ෂණ චාරිකාව මාර්තු 26 වැනි දා කොළඹ වරාය පරිශ්‍රයේ දී ය.

නෞකා‍වේ ඇති යුද උපකරණ සහ නෞකා‍වේ ඉතිහාසය පිළිබඳ එහි දී ශ්‍රී ලාංකීය නාවුකයන් දැනුවත් කළ අතර, නෞකා‍වේ ඇති කුඩා යාත්‍රා මගින් මුහුදු සංචාරයක් සිදුකිරීමෙන් අනතුරුව නෞකා‍ව සතු හෙලි‍කොප්ටර් යානා මගින් භාණ්ඩ හුවමාරු කිරීමේ පෙරහුරුවක් ද පවත්වන ලදී.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/03/28/%e0%b6%b1%e0%b7%8f%e0%b7%80%e0%b7%94%e0%b7%94%e0%b6%9a-%e0%b6%b4%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b7%83%e0%b6%9a%e0%b7%8a-%e0%b6%9a%e0%b7%90%e0%b6%b1%e0%b7%8a%e0%b6%b6%e0%b6%bb%e0%b7%8f-%e0%b6%b1/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *