සාමසාධක මෙහෙයුම් හා ශ්‍රී ලංකා යුද හමුදාව

හමුදා තොරතුරු

යුද්ධ හමුදා භටපිරිස් එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් රාජකාරියේ නියුක්තවීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව මගින් මානව හිමිකම් නිෂ්කාෂණ ලබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය නිකුත් කළ මාධ්‍ය නිවේදනය –

ලොවපුරා සාමය හා ආරක්‍ෂාව තහවුරු කිරිම පදනම් කරගෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් ක්‍රියාවලියේ දි එක්සත් ජාතීන්ගේ සංවිධානයට සුවිශේෂි දායකත්වයක් ලබා දී ඇත. ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ එක්සත්
ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් ක්‍රියාන්විත සඳහා සහභාගීත්වය 1957 වර්ෂයේ දී ආරම්භ වී ඇති අතර ‘සුවස්’ යුද්ධය නිමකිරිම උදෙසා සහභාගී වූ ප්‍රථම සාමසාධක මෙහෙයුම් ක්‍රියාන්විත භට පිරිස වූයේ පළමුවෙනි එක්සත් ජාතීන්ගේ හදිසි මෙහෙයුම් බලකාය වේ. (UNEF 1). ඉන්පසු වර්ෂ 1960 දී ඉතා කුඩා භට පිරිසකින් සමන්විත යුද්ධ හමුදා සාමාජික පිරිසක් ප්‍රජාතන්ත්‍රවාදී කොන්ගෝ ජනරජයේ ස්ථාපිත කර ඇත. අප රට තුළ සිදුවූ සිවිල් යුද තත්ත්වය මත, ඊට දශක කිහිපයකට පසු නැවතත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සාමසාධක මෙහෙයුම් රාජකාරීන් සඳහා පාබල භට පිරිස් නිරත කරවීම වර්ෂ 2004 දී හයිටි රාජ්‍යයෙන් ආරම්භ වූ අතර එම ක්‍රියාන්විත සඳහා භට පිරිස් යෙදවීම 2010 වර්ෂයේ දී නිමාවට පත්විය.

මේ වනවිට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් රාජකාරීන් සඳහා රටවල් 6 ක් සඳහා භට පිරිස් යොදවා ඇති අතර නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ සාමසාධක මූලස්ථානයේ ආරක්‍ෂක මාණ්ඩලික නිලධාරින් ලෙස ද
රාජකාරියේ නිරත ව සිටිති. ලෙබනනය, දකුණු සුඩානයේ හා මාලි යන රාජ්‍යයන් තුළ 400 කට අධික යුද්ධ හමුදා භටයින් ප්‍රමාණයක් රාජකාරියේ නියැලි සිටින අතර, නිලධාරීන් 35 දෙනෙකු මාණ්ඩලික නිලධාරීන් හා යුද නිරීක්‍ෂකයින් ලෙස එක්සත් ජාතීන්ගේ සාමසාධක ක්‍රියාන්විතයන් හි හා නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් හි නිරත ව සිටිති.

එක්සත් ජාතීන්ගේ සාමසාධක ක්‍රියාන්විත භටපිරිස් ලෙස 18600 කට වඩා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සමාජිකයින් සංඛ්‍යාවක් රාජකාරියේ යෙදි සිටි අතර ඔවුන් ලොව පුරා සාමය හා එක්සත්භාවය තහවුරු කිරිම උදෙසා තම දායකත්ව උපරිම අයුරින්
කැපකර ඇත.

යම් සොල්දාදුවෙකු විසින් සුවිශේෂි ‘නිල් හිස් වැස්ම’ පැළඳීම සඳහා ඔහු විසින් මානව හිමිකම් උල්ලංඝණය නොකර ඇති බව සහතික කර ගතයුතු අතරම සාමසාධක රාජකාරී සඳහා එය මූලික සුදුසුකමක්ද වනු ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සියලු ජාතීන් විසින් මෙය ප්‍රගුණ කර ඇති අතර ඉතා සුවිශේෂි වූ සාමසාධක භට පිරිසක් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් විසින් මෙය ඉතාමත් උද්යෝගීමත් අයුරින් ක්‍රියාවට නංවා ඇත. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ඇතුළුව අනෙකුත් සන්නද්ධ
සේවාවන් හි හා පොලීසිය මෙම උතුම් හා විශිෂ්ට වූ එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් රාජකාරීන් සඳහා භට පිරිස් තෝරාගැනිමේ ක්‍රියාවලියේ දි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම සුවිශේෂි දායකත්වයක් ලබා දෙයි. ශ්‍රි ලංකා යුද්ධ හමුදාව හා ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම යන දෙපාර්ශ්වය ඉතාමත් සුහදශීලිව මනා සම්බන්ධතාවකින් හා අන්‍යෝන්‍ය අවබෝධයකින් හා ගෞරවයකින් යුතුව මෙම භාරදූර කර්තව්‍යය ඉතා අපහසු කාර්යයක් වුවත් පොදු මහජනතාවට
විවෘත ව හා විනිවිද භාවයකින් යුතුව ක්‍රියාවට නංවා ඇත.

මානව හිමිකම් ක්‍රියාවලියේ දි දේශීය යාන්ත්‍රණයක් ලෙස ක්‍රියාත්මක වන මෙරට සංවිධානයක් වන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තෝරාගැනීම අප ලද මහත් භාග්‍යයක් වන අතරම අප ශ්‍රී ලාංකිකයින් ලෙස
ඉතාමත් ප්‍රෞඩත්වයට පත්විය යුතුය. කෙසේ වෙතත් සාමසාධක රාජකාරීන් සඳහා දහසක් අයදුම්පත් අතුරින් ත්‍රිවිධ හමුදා භට පිරිස් හා පොලිස් සාමාජිකයින් තෝරාගැනිම ඉතා සූක්‍ෂම පරික්‍ෂාවකට ලක් කළ යුතු අතර එය එතරම් පහසු කාර්යයක් නොවන බැවින් මෙහි දි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව උපරිම කැපවීමකින් යුතුව සිය දායකත්වය ලබා දෙයි.

මානව හිමිකම් ක්‍රියාවලියේදි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් ලබාදෙනු ලබන කඩිනම් වැඩපිළිවෙල ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ උපරිම විශ්වාසනීයත්වයට ලක්ව ඇත.

එක්සත් ජාතින්ගේ සාමසාධක මෙහෙයුම් සම්බන්ධ නිවැරදි හා කාලීන තොරතුරු අනවශ්‍ය පුද්ගලයින්ගෙන් නොවිමසා සෘජුවම යුද්ධ හමුදාපතිවරයා හෝ යුද්ධ හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂ වෙතින් ලබාගැනිමෙන් ශ්‍රි ලංකා යුද්ධ හමුදාව පිළිබඳ ගොඩනැගි ඇති යහපත් ප්‍රතිරූපය තවදුරටත් ස්ථාපිත කිරිමට හැකියාව ලැබි ඇත. තම මවුබිමට මහත් කැපවීමකින් යුතුව උපරිම සේවය ලබාදීමෙන් හා ස්වකීය පුරවැසියන්ගේ සිත් දිනාගැනිමෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ජාතියේ අභිවෘද්ධිය තකා නිසැකවම සේවය කරන බව මෙයින් අවධාරණය කරනු ලැබේ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/03/28/%e0%b7%83%e0%b7%8f%e0%b6%b8%e0%b7%83%e0%b7%8f%e0%b6%b0%e0%b6%9a-%e0%b6%b8%e0%b7%99%e0%b7%84%e0%b7%99%e0%b6%ba%e0%b7%94%e0%b6%b8%e0%b7%8a-%e0%b7%84%e0%b7%8f-%e0%b7%81%e0%b7%8a%e2%80%8d%e0%b6%bb/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *