ජනමාධ්‍යවේදීන්ට ජනාධිපති සම්මාන

රටතොට

ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල අප්‍රේල් 10 වැනි දා පස්වරු 04.00 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත් වේ.

උසස් මාධ්‍ය සංස්කෘතියක් රට තුළ ස්ථාපිත කරනු වස් ජනමාධ්‍යවේදීන්ගේ මෙහෙවර සහ ඔවුන්ගේ නිර්මාණශීලී දායකත්වය ඇගයීම අරමුණයි.

ඉකුත් 2017 වසරේ ක්ෂේත්‍රයේ සුවිශේෂී මෙහෙවරක් සිදු කළ ප්‍රවීණයන්ට ජීවිතයේ එක් වරක් පමණක් පිදෙන ජූරියේ විශේෂ සම්මාන 04 ක් සහ මුදල් ත්‍යාග ද, රූපවාහිනී, ගුවන්විදුලි, පුවත්පත් සහ සමාජ ජාල මාධ්‍ය ආවරණය වන පරිදි තෝරාගත් මාධ්‍යවේදීන් 51 දෙනෙකුට එහි දී සම්මාන සහ මුදල් ත්‍යාග පිරිනැමේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංගේ සහ ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ සහභාගිත්වයෙන් උළෙල පැවැත් වේ.

මෙය මෙරට ප්‍රථම ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල වේ.

ජනමාධ්‍ය අමාත්‍යාංශය උළෙල සංවිධාන කරයි.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/04/03/%e0%b6%a2%e0%b6%b1%e0%b6%b8%e0%b7%8f%e0%b6%b0%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%80%e0%b7%9a%e0%b6%af%e0%b7%93%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b6%a2%e0%b6%b1%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *