රුසියානු නෞකාවක් කොළඹට

හමුදා තොරතුරු

රුසියානු නාවුක හමුදාවට අයත් ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් ඔෆ් ද සොවියට් යූනියන් ගෝෂ්කෝ’ නෞකාව කොළඹ වරායට සේන්දු වේ.

නෞකාව සුහද සංචාරයක් සඳහා අප්‍රේල් 03 වැනි දා එහි ළඟා විය.

එහි අණදෙන නිලධාරී, කපිතාන් මිකොලොවිච් ක්රොක්මල් නිලධාරියා එදින පස්වරුවේ බටහිර නාවුක විධානය භාර ආඥාපතිවරයා සහ නාවුක හමුදාධිපතිවරයා හමුවිමට නියමිතයි.

දිගින් මීටර් 136 ක් වන නෞකාව ටොන් 5300 ක ධාරිතාවයකින් යුක්ත වන අතර, එය නිලධාරීන් සහ නාවුකයන් 236 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවක් වෙති.

දෙදින නිල සංචාරයක් සඳහා පැමිණි ඇය, දිව‍යිනේ රැදී සිටින කාල සීමාව තුළඅ ශ්‍රී ලංකා නාවුක හමුදාව විසින් සංවිධාන කරනු ලබන සුහද ක්‍රීඩා තරග මෙන් ම වැඩසටහන් කිහිපයකට ද සහභාගී වනු ඇත.

සංචාරය නිමා කර, අප්‍රේල් 06 වන දින එම නෞකාව දිවයිනෙන් පිටත්වීමට නියමිතයි.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/04/03/%e0%b6%bb%e0%b7%94%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%b1%e0%b7%9e%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b6%9a%e0%b7%8a-%e0%b6%9a%e0%b7%9c%e0%b7%85%e0%b6%b9%e0%b6%a7/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *