මිණිපුර ගැමුණු නද

රටතොට

ශ්‍රී ලංකා යුද හමුදාවේ ගැමුණු හේවා රෙජිමේන්තුව සංවිධාන කරන මිණිපුර ගැමුණු නද සැණකෙළිය හා වෙළෙඳ ප්‍රදර්ශනය අප්‍රේල් 05, 06 සහ 07 වැනි දා රත්නපුර මොණරවිල ක්‍රීඩාංගණයේ දී පැවැත් වේ.

මියගිය, ආබාධිත, විශ්‍රාමික සහ සේවයේ නියුතු රණවිරුවන්ගේ සුබසාධනය අරමුණයි.

ආරක්ෂක සේනා ආඥාපති නැගෙනහිර සහ ගැමුණු හේවා බලකා රෙජිමේන්තු අධිපති මේජර් ජනරාල් කේ. පී. ඒ. ජයසේකර සහ ගැමුණු හේවා රෙජිමේන්තු සේවා වනිතා සභාපතිනී සුජීවා ජයසේකරගේ ප්‍රධානත්වයෙන් සැණකෙළිය ආරම්භ කිරීමට නියමිත ය.

හමුදා, රාජ්‍ය ආයතන, අධ්‍යාපන ප්‍රදර්ශන සහ සංදර්ශනවලින් සමන්විත මිණිපුර ගැමුණු නද සැරසීමට සනිධප, සීදුව සකුරා සහ ෆ්ලෑෂ් බැක් සංගීත කණ්ඩායම් එක් වේ.

සැණකෙළිය අදාල දිනවල පෙරවරු 10.00 සිට අළුයම 01.00 දක්වා පැවැත් වේ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/04/05/%e0%b6%b8%e0%b7%92%e0%b6%ab%e0%b7%92%e0%b6%b4%e0%b7%94%e0%b6%bb-%e0%b6%9c%e0%b7%90%e0%b6%b8%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b6%b1%e0%b6%af/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *