අමෙරිකානු ජනපතිගේ කණගාටුව

දේශපාලන

ශ්‍රී ලංකාවේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම පිළිබඳ තමා බලවත් සේ කණගාටු වන බව අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා පවසයි.

‍හෙතෙම 22 වැනි දා පස්වරුවේ අගමැතිවරයාට දුරකතනයෙන් අමතමින් තවදුරටත් පැවසුවේ ජාත්‍යන්තර ත්‍රස්තවාදය දුරු කිරීමට අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට අමෙරිකා එක්සත් ජනපදය ඇප කැපව සිටින බවයි.

බෝම්බ ප්‍රහාරවලින් මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් වෙත සහ තුවාල ලැබූවන් වෙත සිය කණගාටුව පළ කරන බව ට්‍රම්ප් ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

මේ අවස්ථාවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදීමට තමාත්, අමෙරිකා එක්සත් ජනපද ජනතාවත් සූදානමින් සිටින බව ඔහු අවධාරණය කර සිටී.

මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ජනතාව වෙත මිත්‍රත්වය සහ සහයෝගය පළ කිරීම පිළිබඳ අගමැති වික්‍රමසිංහ ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් අමෙරිකානු ජනාධිපතිවරයාට ස්තුතිය පළ කර සිටියේ ය.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/04/22/%e0%b6%85%e0%b6%b8%e0%b7%99%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%a2%e0%b6%b1%e0%b6%b4%e0%b6%ad%e0%b7%92%e0%b6%9c%e0%b7%9a-%e0%b6%9a%e0%b6%ab%e0%b6%9c%e0%b7%8f%e0%b6%a7%e0%b7%94/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *