මාලදිවයින් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අරලියගහ මන්දිරයේ

දේශපාලන

මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහීම් මොහොමඩ් සොලේගේ විශේෂ නියෝජිත මාලදිවයින් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අහමඩ් කලීල් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවිය.
ශ්‍රී ලංකාවේ සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් මාලදිවයින්ජනාධිපතිවරයාගේ සහ ජනතාවගේ කණගාටුව පළකළ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අහමඩ් කලීල් ශ්‍රී ලංකාවට ඕනෑම උපකාරයක් කිරීමට මාලදිවයින සූදානම් බව ද පැවසීය.
ශ්‍රී ලංකාවේ සිටින මාලදිවයින් ජනතාව මෙරට රැදී සිටින අතර, පෙර පරිදිම මාලදිවයින් ජනතාව ශ්‍රී ලංකාවට පැමිණෙන බව ද සඳහන්ක ළේය.
කොළඹ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබෙන බව දැකීම සතුටට කරුණක් බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මාලදිවයින් ජනාධිපතිවරයාට හා එරටේ ජනතාවට සිය ස්තුතිය පළ කරන බව පැවසීය.
මෙම අවස්ථාවට මාලදිවයිනේ ශ්‍රී ලංකා තානාපති ඔමාර් අබ්දුල් රසාක් ද එක්විය.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/04/22/%e0%b6%b8%e0%b7%8f%e0%b6%bd%e0%b6%af%e0%b7%92%e0%b7%80%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%9a%e0%b7%81-%e0%b6%9a%e0%b6%a7%e0%b6%ba%e0%b7%94%e0%b6%ad%e0%b7%94/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *