ගුවන්තොටුපොලේ වෙනසක්

උණුසුම්

කටුනායක ගුවන්තොටුපොලේ ආරක්ෂක තත්ත්වයේ වෙනසක් ඇති කරමින් ගුවන්තොටුපොළට ඇතුළු වන බොහෝ වාහන නතර කිරීමට පියවර ගැනේ.

ආරක්ෂක අංශ අදාල පියවරට එළඹියේ 24 වැනි දා පෙරවරුවේ ය.

මේ අනුව සියලු වාහන ගුවන්තොටුපොලේ පිටත්වීමේ පර්යන්ත ආලින්දය ඉදිරිපිටට පිවිසීම වළක්වා තිබිණි.

පැමිණීමේ පර්යන්තය ඉදිරිපිට ආලින්දයට ගුවන්තොටුපොල සමගමේ ලියාපදිංචි කුලී රථවලට පමණක් ඇතුළුවීමට අවසර ලබා දී ඇත.

රටට පැමිණෙන දේශීය විදේශීය ගුවන් මගීන්ට ගුවන්තොටුපොල පැමිණීමේ පර්යන්ත ආලින්දයේ සිට ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ කීපයක් මගින් නයිකන්ද දුරස්ථ රථ ගාල වෙත ගමන් පහසුකම් ලබා දී තිබේ.

එතැන් සිට තමන්ගේ වාහන මගින් ගමන් පහසුකම් සලසා ගත හැකි බව බලධාරීහු පවසති.

මෙරට පැමිණි බොහෝ සංචාරකයින් අතරමංවීම හේතුවෙන් ආපසු පිටත් ව යන තත්ත්වයක් පවතින බව සංචාරක නියෝජිත ආයතනයක ගුවන්තොටුපොල සේවකයෙකු පැවසී ය.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති අර්ජුන රණතුංග හා නියෝජ්‍ය ඇමති අශෝක් අබේසිංහගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් එදින ගුවන්තොටුපොලේ දී පැවත්විණි.

කටුනායක, ප්‍රසාද් කුමාර

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/04/24/%e0%b6%9c%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%9c%e0%b6%a7%e0%b7%94%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%9a-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%83%e0%b6%9a%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *