ධීවර වරාය ආරක්ෂාවට පියවර

ශක්ති, ප්‍රජා සත්කාරය

සියලු ධීවර වරායවල ආරක්‍ෂාව උපරිමයෙන් සහතික කිරීමට පියවර ගැනේ.

අදා පියවර කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි ධීවර වරාය නීතිගත සංස්ථා සහ වගකිවයුතු සියලු නිලධාරීන් වෙත උපදෙස් ලබා දෙයි .

අදාල ආරක්‍ෂක කටයුතු සදහා ශ්‍රී ලංකා නාවුක හමුදාව සහ වෙරළාරක්ෂක බලකාය මෙන් ම පොලිසිය ඇතුළු ආරක්‍ෂක අංශ සමග මනා සම්බන්ධීකරණයකින් සැලසුම් කර ක්‍රියාත්මක කරන මෙන් ඔහු දැනුම් දී ඇත.

ආරක්‍ෂක අංශවලට අත්‍යවශ්‍ය සැකකටයුතු යම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් රටින් බැහැරව යාම වැළැක්වීම සඳහා සියලු ධීවර වරාය වෙත පැමිණෙන පිරිස් හා පුද්ගලයින් පිළිබඳ දැඩි අවධානය යොමු කර ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කරගැනීමට කටයුතු කිරීම සේ ම , ධීවර යාත්‍රා මගින් රට තුළට පැමිණෙන සහ රැගෙන එන භාණ්ඩ පිළිබද ද දැඩි අවධානය යොමුකර කටයුතු කිරීම සඳහා සියලු ධීවර වරාය ආශ්‍රිත ආරක්‍ෂක කමිටු පිහිටුවා අවශ්‍ය තොරතුරු ලබාගැනීමට කටයුතු කළ යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දේ .

යම් ධීවර යාත්‍රාවක් බාහිර පුද්ගලයන්ට භාවිත කළ නොහැකි අන්දමින් යම් ආරක්‍ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසට ද හෙතෙම ධීවර වරාය නීතිගත සංස්ථාවට උපදෙස් දී ඇතැයි අමාත්‍යාංශය කියයි. .

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/04/25/%e0%b6%b0%e0%b7%93%e0%b7%80%e0%b6%bb-%e0%b7%80%e0%b6%bb%e0%b7%8f%e0%b6%ba-%e0%b6%86%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b7%8f%e0%b7%80%e0%b6%a7-%e0%b6%b4%e0%b7%92%e0%b6%ba%e0%b7%80%e0%b6%bb/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *