කොචිච්කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය පිරිසිදු කිරීමට නාවුක හමුදාව දායක වේ.
ඉකුත් අප්‍රේල් 21 වැනි දා ත්‍රස්ත ප්‍රහාරයකට ලක්ව දරුණු ලෙස හානියට පත් දේවස්ථානය පිළිසකර කිරීමේ වැඩසටහනක් අප්‍රේල් 27 වැනි දා ක්‍රියාත්මක කෙරිණ.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්නගේ උපදෙස් අනුව නාවුක හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ මඟපෙන්විම මත නාවුක හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ බටහිර නාවුක විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ සෘජු අධික්ෂණය යටතේ නාවුක හමුදා නිලධාරින් සහ නාවුකයින් 100 කට අධික පිරිසක් මෙම වැඩසටහන සඳහා අනුයුක්ත කර තිබිණි.
මෙම වැඩසටහන් මාලාවේ ප්‍රථම අදියර දවස පුරා පැවති අතර, එහි දී ප්‍රහාරයෙන් පසු සුන්බුන් කොටස් සහ ප්‍රහාරයට ලක් වූ පුද්ගලයන්ගේ විනාශ වු බඩු බාහිරාදිය ඉවත්කර දේවස්ථානය සම්පූර්ණයෙන් රසායනික ද්‍රව්‍ය යොදා සෝදා පිරිසිදු කරන ලදි.
ඊට නාවුක හමුදාවට අයත් ගිනි නිවීමේ ආපදා රථ, ජල බවුසර්, ට්‍රක් රථ සහ අනෙකුත් උපකරණ යොදාගන්නා ලද අතර, දේවස්ථානය කඩිනමින් අළුත්වැඩියා කර යථා තත්ත්වයට පත් කිරීමට නාවුක හමුදාව කටයුතු කරමින් සිටි.


