මෙත්සෙවණ නිවාස ප්‍රදාන ඇරඹේ..

හමුදා තොරතුරු

ආරක්‍ෂක අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරන ‘මෙත් සෙවණ’ අර්ධ නිවාස ව්‍යාපෘතිය යටතේ නාවුක පුද්ගලයින් 46 දෙනෙකුට චෙක්පත් ප්‍රදානය කෙරේ.

ඒ අප්‍රේල් 26 වැනි දා කොළඹ නාවුක හමුදා මූලස්ථානයේදී ය.

2019 වර්ෂයේ පළමු අදියර යටතේ ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී මාතෘ භූමිය වෙනුවෙන් දිවි පුද කළ, ආබාධිත ව විශ්‍රාම ලබා සිටින සහ ආබාධිතව සක්‍රීය සේවයේ නියුතු ඔවුන් සඳහා එම ප්‍රදාන සිදු කෙරිණි.

ප්‍රතිලාභින් හට තම නිවාසවල පළමු අධියරේ ඉදිරිකිරීම කටයුතු සම්පූර්ණ කරගැනීම පිණිස අදාල චෙක්පත් පිරිනැමූ බව නාවුක හමුදාව කියයි.

එම අවස්ථාවට ජ්‍යේෂ්ඨ මාණ්ඩලික නිලධාරි (සුභසාධක) කොමාණ්ඩර් ඉන්දික එදිරිසිංහ සහ නාවුක හමුදා ඉඩම් සහ නිවාස ව්‍යාපෘතිය භාර ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරි (සුභසාධක) කොමාණ්ඩර් රොනී අතුකෝරල ඇතුළු නාවුක හමුදා සුභසාධක අංශයේ නිලධාරින් පිරිසක් සහභාගිවි සිටිය හ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/04/27/%e0%b6%b8%e0%b7%99%e0%b6%ad%e0%b7%8a%e0%b7%83%e0%b7%99%e0%b7%80%e0%b6%ab-%e0%b6%b1%e0%b7%92%e0%b7%80%e0%b7%8f%e0%b7%83-%e0%b6%b4%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%af%e0%b7%8f%e0%b6%b1-%e0%b6%87/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *