ත්‍රිවිධ හමුදා, පොලිස් ඒකාබද්ධ මූලස්ථානයක්

පොලීසියෙන් හමුදා තොරතුරු

ත්‍රිවිධ හමුදා සහ පොලිස් ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයක් ස්ථාපනය කෙරේ.

බස්නාහිර පළාතේ සහ පුත්තලම දිස්ත්‍රික්කයේ සියලු යුද්ධ, නාවුක, ගුවන් හමුදා සහ පොලීස් වසම් වහා ම ක්‍රියාත්මක වන පරිදි අවශ්‍ය ක්‍රියාන්විත සඳහා අදාල ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය – කොළඹ යටතට පත්කර ඇතැයි යුද්ධ හමුදා මූලස්ථානය 29 වැනි දා පස්වරුවේ නිවේදනය කරයි.

බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ මෙම ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ අණදෙන නිලධාරී වශයෙන් පත්කර ඇත.

නාවුක හමුදාවේ රියර් අද්මිරාල් ඩබ්.ඒ.එස්.එස් පෙරේරා, ගුවන් හමුදාවේ එයාර් වයිස් මාර්ෂල් ඩබ්.එල්.ආර්.පී රුද්‍රිගු සහ පොලිස් අධිකාරී එල්.කේ.ඩී අනිල් ප්‍රියන්ත යන නිලධාරීන් අදාල සේවාවන් හි සහ පොලීසියේ සම්බන්ධීකරණ නිලධාරීන් මූලස්ථානය සඳහා පත් කර තිබේ.

මෙම කොළඹ පිහිටි ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී යටතේ වහා ක්‍රියාත්මක වන ලෙස පිහිටුවා ඇති බව යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ආරක්‍ෂක අමාත්‍යංශයට දන්වා ඇත.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/04/29/%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%92%e0%b7%80%e0%b7%92%e0%b6%b0-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%8f-%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b6%92%e0%b6%9a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *