ජනතා අදහස් දෙන්න!

රටතොට

ඉකුත් 21 වැනි දා සිදු වූ බෝම්බ පිපිරීම් සිද්ධි පිළිබඳ සොයාබැලීම සඳහා පත් කළ විශේෂ පරීක්ෂණ මණ්ඩලයට ජනතා අදහස් හා තොරතුරු ලබාගැන්මට අවස්ථාව ලබා දේ.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන විසින් 2019 අපේ‍්‍රල් 21 වැනි දා දිවයිනේ ස්ථාන 08 ක සිදු වූ පිපිරීම් ආශ‍්‍රිත සිදුවීම් මාලාව සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත් කළ විශේෂ පරික්ෂණ මණ්ඩලය අපේ‍්‍රල් 22 වැනි දා සිට එහි වැඩ කටයුතු ආරම්භ කරන ලදී.

විශේෂ පරික්ෂණ මණ්ඩලය ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් කේ. මලල්ගොඩගේ සභාපතිත්වයෙන් රැස් වන අතර එහි සෙසු සාමාජිකයන් වන්නේ විශ‍්‍රාමික පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් සහ විශ‍්‍රාමික අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්නයි.

උසස් රාජ්‍ය නිලධාරින් රැසකගෙන් පරික්ෂණ මණ්ඩලය මේ වනවිටත් ප‍්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර, ඊට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ පූජිත ජයසුන්දර ද ඇතුළත් ව තිබේ.

තවත් විශාල පිරිසකගෙන් ප‍්‍රකාශ ලබාගැනීමට ද නියමිත අතර මේ සම්බන්ධයෙන් අදහස් හා තොරතුරු විශේෂ පරික්ෂණ මණ්ඩලය වෙත දන්වා එවීමට ප‍්‍රසිද්ධ පුවත්පත් රැසක අපේ‍්‍රල් 25 වැනි දා ප‍්‍රසිද්ධ කළ ප‍්‍රවෘත්ති දැන්වීම මගින් මහජනයාගෙන් සහ ආයතනවලින් ඉල්ලීමක් කර ඇත.

එසේ තොරතුරු දැක්වීමට අකමැති අය වෙතොත් ලිඛිත ව අදාල තොරතුරු විශේෂ පරික්ෂණ මණ්ඩලයේ ලේකම් වෙත තැ.පෙ. 2306, කොළඹ 01 යන ලිපිනයට හෝ ෆැක්ස් අංක 011-2100446 වෙත හෝ presinq@eastsun.gov.lk නමින් වූ විද්‍යුත් තැපෑලට යොමුකරන ලෙස විශේෂ පරික්ෂණ මණ්ඩලය දැනුම් දේ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/04/30/%e0%b6%a2%e0%b6%b1%e0%b6%ad%e0%b7%8f-%e0%b6%85%e0%b6%af%e0%b7%84%e0%b7%83%e0%b7%8a-%e0%b6%af%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *