දවසේ ත්‍රිවිධ හමුදා මෙහෙයුම් සාරාංශය

උණුසුම්

2019 මැයි මස 01 වැනි දා දිවයින පුරා ක්‍රියාත්මක වූ ත්‍රිවිධ හමුදා මෙහෙයුම් පිළිබඳ අදාල මාධ්‍ය ප්‍රකාශකවරුන් විසින් මාධ්‍ය වෙත ලබාදුන් ප්‍රකාශ –

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව – මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු

ඉකුත් පැය 24 තුළ පරීක්ෂා කිරීම් රැසක්,අවිආයුධ සහ පුපුරන ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම් කිහිපයක් වාර්තා වනවා. ඒ අතරින් සමන්තුරේ සහ කොටියාකුඹුර ප්‍රදේශයේ අත්අඩංගුවට ගැනීම් විශේෂයි. පොලීසිය සමග එම මෙහෙයුම් සිදු වූ නිසා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි තොරතුරු සපයනු ඇති.

ශ්‍රී ලංකා නාවුක හමුදාව – මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර

01. ඉකුත් පැය 24 තුළ කල්පිටියේ සිදු කළ සෝදිසි මෙහෙයුමකින් බෝර තුවක්කු 05 ක්, උණ්ඩ 59 ක් හා පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට.
02. ගාල්ලේ සිදු කළ මෙහෙයුමකින් ත්‍රස්තවාදී හා අන්තවාදී ක්‍රියා සහිත වීඩියෝ සන්තකයේ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට
03. පුල්මුඩේ ප්‍රදේශයේ දී වෝටර්ජෙල් නමැති අධිබලැති පුපුරන ද්‍රව්‍ය කරල් 02 ක් හා ඩෙටනේටර් 04 ක් අත්අඩංගුවට
04. කුරුණෑගල ප්‍රදේශයේ බෝක්කුවක් යට සඟවා තිබූ කඩු 02 ක් හා කිනිසි 12 ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා ගුවන් හමුදාව – මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න

01. ඉකුත් පැය 24 තුළ තෝරාගත් ප්‍රදේශ වටලා සෝදිසි මෙහෙයුම් සිදු කළා.
02. ඒ අනුව අප්‍රේල් 30 වැනි දා පෙරවරුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදා පාලවි කඳවුර, යුද්ධ හමුදාව සහ පොලීසිය එක් ව කළ කිරියන්කල්, මුලච්චිකුලම් නිවාස සෝදිසි මෙහෙයුමකින් සැකකරුවන් 16 දෙනෙක් හා එක් සැකකරියක් අත්අඩංගුවට ගෙන පුත්තලම පොලීසියට භාර කළා.
03. ජාඇල කණුවන ප්‍රදේශයේ කළ මෙහෙයුමකින් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ජාඇල පොලීසියට භාර කළා.
04. බණ්ඩාරවෙල ඇටම්පිටිය, කල්පිටිය. එඬේරමුල්ලේ අක්බාර් නගරය, අභයපුර සහ ගුණසිංහපුර ප්‍රදේශවල සෝදිසි මෙහෙයුම් සිදු කළ අතර තවත් සෝදිසි මෙහෙයුම් සිදු කෙරෙමින් පවතිනවා.
ඊට අමතර ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට දෛනික ව විශේෂ රාජකාරි සිදු කෙරෙනවා.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/05/01/%e0%b6%af%e0%b7%80%e0%b7%83%e0%b7%9a-%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%92%e0%b7%80%e0%b7%92%e0%b6%b0-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%8f-%e0%b6%b8%e0%b7%99%e0%b7%84%e0%b7%99/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *