එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම් – අගමැති හමුව

විදේශ සබඳතා

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය මහ ලේකම් මිගෙල් ඇන්හෙල් මොරටිනෝස් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමු වේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිය ශෝකය පළකරමින්, ශ්‍රී ලංකා රජයට පූර්ණ සහාය ලබා දෙන බවට හෙතෙම සහතික විය.

මෙම දුෂ්කර අවස්ථාවේ දී සමස්ත ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාව සමඟ වන බව ඔහු අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවට පැමිණ පුද්ගලිකව ම අග්‍රාමාත්‍යවරයා හමු වී, ශ්‍රී ලංකා රජය වෙත සිය කණගාටුව පළකරන ලෙස ද, මේ අවස්ථාවේ සමස්ත එක්සත් ජාතීන්ගේ සංවිධාන ව්‍යුහය ශ්‍රී ලංකා රජය ශක්තිමත් කිරීමට ඇප කැප වී සිටින බව දන්වන ලෙස ද,එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා තමා වෙත දන්වා සිටි බව නියෝජ්‍ය මහලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/05/02/%e0%b6%91%e0%b6%9a%e0%b7%8a%e0%b7%83%e0%b6%ad%e0%b7%8a-%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%93%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b1%e0%b7%92%e0%b6%ba%e0%b7%9d%e0%b6%a2%e0%b7%8a%e2%80%8d%e0%b6%ba/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *