ලිපි රැසක් සමග 03 දෙනෙක් අත්අඩංගුවේ

පොලීසියෙන්

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ දී සැකකරුවන් 03 දෙනෙකු අත්අඩංගුවට ගැනේ.

ජාතීන් අතර අසමගිය ඇති කරවීමට සමත් වචනවලින් සමන්විත ජනාධිපතිවරයා ද සම්බන්ධ වන ආකාරයෙන් වන ලිපි 600 ක් ද සමග ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.

කොටුව පොලිස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත මැයි 02 වැනි දා පස්වරුවේ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

වත්තේගම, කේ. සම්පත් කුමාර,අලව්වේ ධනුෂ ප්‍රියදර්ශන සහ පොල්ගොල්ලේ පී. කවිඳු තක්ෂිල වීරසේන යන සැකකරුවන් කොටුව පොලිස්ථානය භාරයේ පසුවෙති.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/05/02/%e0%b6%bd%e0%b7%92%e0%b6%b4%e0%b7%92-%e0%b6%bb%e0%b7%90%e0%b7%83%e0%b6%9a%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8%e0%b6%9c-03-%e0%b6%af%e0%b7%99%e0%b6%b1%e0%b7%99%e0%b6%9a%e0%b7%8a-%e0%b6%85%e0%b6%ad%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *