සුරාබදු පනත වහා සංශෝධනයට පියවර

උණුසුම්

සුරාබදු පනතට අදාල සංශෝධන වහා ගැසට් කරන මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාල අංශවලට උපදෙස් දේ.

මත්ද්‍රව්‍ය මර්දනය සහ අපරාධ අවම කිරීම පිළිබඳ 02 වැනි දා පෙරවරුවේ කොළඹ ජනාධිපති කර්යාලයේ පැවති සාකච්ඡාවක දී ඔහු අදාල උපදෙස් ලබා දුන්නේ ය.

මත්ද්‍රව්‍ය වැරදි පිළිබඳ නීති දැඩි ව ක්‍රියාත්මක කරමින් මතින් නිදහස් රටක් ගොඩනැඟිමේ වැඩපිළිවෙළ ශක්තිමත් ව සහ කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම හෙතෙම අවධාරණය කරයි.

රට තුළ අපරාධ අවම කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළේ ප්‍රගතිය ද එහි දී සමාලෝචනයට ලක් වූ අතර, විෂ මත්ද්‍රව්‍ය ආඥා පනතට අදාල සංශෝධන ද කඩිනමින් සිදු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ ය.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳ ද සාකච්ඡාවට ලක් වූ අතර බන්ධනාගාරගත මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බරපතල අපරාධකරුවන් බූස්ස බන්ධනාගාරයට රැගෙනයාම සහ විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව මත එම කටයුතු සිදු කිරීම පිළිබඳ ද මෙහිදී සාකච්ඡාවට ලක් විණි.

මත්ද්‍රව්‍ය විශ්ලේෂණයට අදාල රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ ගැටළු පිළිබඳ ද සාකච්ඡා කෙරිණ.

ඇමතිනි තලතා අතුකෝරාළ, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ, වැඩ බලන නීතිපති දප්පුල ද ලිවේරා සහ වැඩ බලන පොලිස්පතිවරා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහු මෙම සාකච්ඡාවට එක්ව සිටිය හ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/05/02/%e0%b7%83%e0%b7%94%e0%b6%bb%e0%b7%8f%e0%b6%b6%e0%b6%af%e0%b7%94-%e0%b6%b4%e0%b6%b1%e0%b6%ad-%e0%b7%80%e0%b7%84%e0%b7%8f-%e0%b7%83%e0%b6%82%e0%b7%81%e0%b7%9d%e0%b6%b0%e0%b6%b1%e0%b6%ba%e0%b6%a7/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *