මීගමුවට පොලිස් ඇඳිරි නීතිය

උණුසුම්

මීගමුව පොලිස් කොට්ඨාසයට පොලිස් ඇඳිරි නීතිය පැනවේ.

පෝරුතොට ප්‍රදේශයේ දී මැයි 05 වැනි දා පස්වරුවේ පුද්ගලයින් දෙදෙනෙක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් දෙපිරිසක් අතර නොසන්සුන්කාරී වාතාවරණයක් උද්ගත වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.

පොලීසිය මැදිහත් ව තත්ත්වය පාලනය කර ඇත.

එබැවින් අදාල තත්ත්වය වැඩිදුරටත් පාලනය කිරීම පිණිස මැයි 06 වැනි දා පෙරවරු 07.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

මීගමුව පොලිස් කොට්ඨාසයේ මීගමුව, කොච්චිකඩේ, කටුනායක, දිවුලපිටිය, කොටදෙණියාව, පමුණුගම, රද්දොළුගම,සීදුව, දුංගල්පිටිය සහ කටාන යන ප්‍රදේශවලට එය බල පැවැත්වෙයි.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල වෙත යනෙන මගීන් හට සිය ගුවන් ප්‍රවේශපත්‍රය ඉදිරිපත් කිරීමෙන් බාධාවකින් තොර ව ගමන්ගත හැකි බව පවසන මාධ්‍ය ප්‍රකාශකවරයා, ජාතීන් අතර අසමගිය ඇතිකරවීමට යත්න දරන සියලු පුද්ගලයන්ට එරෙහි දැඩි ව නීතිය ක්‍රියාත්මක කරන්නැයි සියලු පොලිස් නිලධාරීන් හට පොලිස් මූලස්ථානය මගින් දන්වා ඇතැයි ද සඳහන් කළේ ය.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/05/05/%e0%b6%b8%e0%b7%93%e0%b6%9c%e0%b6%b8%e0%b7%94%e0%b7%80%e0%b6%a7-%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b6%87%e0%b6%b3%e0%b7%92%e0%b6%bb%e0%b7%92-%e0%b6%b1%e0%b7%93%e0%b6%ad/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *