මීගමුවේ ආපදාවන්ට වන්දි

උණුසුම්

මැයි මස 05 වැනි දා පස්වරුවේ මීගමුවේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් පොදු සහ පුද්ගලික දේපළවලට අලාභහානි සිදු ව තිබේ.

අදාල අලාභහානි තක්සේරු කිරීමෙන් අනතුරුව ඒ සඳහා වන්දි ගෙවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය 06 වැනි දා පෙරවරුවේ නිවේදනය කළේ ය.

ඒ අනුව, ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යංශය යටතේ ඇති හානි පූර්ණය සඳහා වන කාර්යාලය මඟින් අලාභහානි තක්සේරු කිරීමට කඩිනම් පියවර ගෙන ඇතැයි එමගින් දන්වා ඇත.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/05/06/%e0%b6%b8%e0%b7%93%e0%b6%9c%e0%b6%b8%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b6%86%e0%b6%b4%e0%b6%af%e0%b7%8f%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *