නීතිවිරෝධී ධීවර පිරිසක් අත්අඩංගුවට

හමුදා තොරතුරු

නීතිවිරෝධි ලෙස මසුන් ඇල්ලූ පිරිසක් නාවුක හමුදා අත්අඩංගුවට පත් වේ.

මැයි 06 වැනි දා චෙම්මාලෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී එසේ පුද්ගලයින් 04 දෙනෙකු අත්අඩංගුවට පත් ව ඇත.

නැගෙනහිර නාවුක විධානයට අයත් යාත්‍රාවන්ට අනුයුක්ත නාවුක පිරිසක් අදාල මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි නීතිවිරෝධි දැල් භාවිත කිරීම හේතුවෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

ධී කවරටයුතු සඳහා යොදා ගත් යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක් සහ නීතිවිරෝධී දැල් 02 ක් නාවුක හමුදා භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට පත් පුද්ගලයින් මදුරන්කුලිය, මිගමුව සහ පල්ලිපාසල්වාඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ.

සැකකරුවන් සහ ධීවර ආම්පන්න මුලතිව්, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දුන් බව නාවුක හමුදාව කියයි.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/05/07/%e0%b6%b1%e0%b7%93%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b7%92%e0%b6%bb%e0%b7%9d%e0%b6%b0%e0%b7%93-%e0%b6%b0%e0%b7%93%e0%b7%80%e0%b6%bb-%e0%b6%b4%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b7%83%e0%b6%9a%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *