විභාග අයදුම්කරුවන්ට හැඳුනුම්පත් එපා ද?

උණුසුම්

අපොස සාමාන්‍යපෙල සහ උසස්පෙල විභාග සඳහා 2019 වසරේ පෙනී සිටීමට නියමිත අයදුම්කරුවන්ගෙන් අඩක් පමණ තවමත් ජාතික හැඳුනුම්පත් සඳහා අයදුම් කර නැතැයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයා කියයි.

විශේෂ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් එම කොමසාරිස් ජනරාල් පී. වී. ගුණතිලක පවසන්නේ එසේ යොමු කළ අයදුම්පත් ද නිසි පරිදි පම්පූර්ණ කර නැති බව ය.

නිසි සේ සම්පූර්ණ කළ අයදුම්පත් 2019 මාර්තු 31 වැනි දිනට ප්‍රථම දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන්නැයි සියලු විදුහල්පතිවරුන්ට සහ පරිවේණාධිපතිවරුන්ට විශේෂ චක්‍රලේඛයක් මගින් දැනුම් දුන්න ද, විභාග සඳහා පෙනී සිටීමට නියමිත අයදුම්කරුවන්ගෙන් 50% ක් පමණ තවමත් සිය අයදුම්පත් යොමු කොට නැතැයි කොමසාරිස්වරයා පෙන්වා දේ.

එබැවින්, නිර්දේශිත ඡායාරූපාගාරයකට ගොස් අදාල ඡායාරූප ලබාගෙන හැකි ඉක්මණින් සිය අයදුම්පත් යොමු කරවන මෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයා විභාගාපේක්ෂිත සිසුන්ගෙන් ඉල්ලා සිටී.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/05/07/%e0%b7%80%e0%b7%92%e0%b6%b7%e0%b7%8f%e0%b6%9c-%e0%b6%85%e0%b6%ba%e0%b6%af%e0%b7%94%e0%b6%b8%e0%b7%8a%e0%b6%9a%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b7%84%e0%b7%90%e0%b6%b3%e0%b7%94/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *