සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට

පොලීසියෙන්

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර නිකුත් කළ දවසේ ත්‍රස්ත මර්ධන මෙහෙයුම් වාර්තාව

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, වාලච්චේන පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය, එක්ව වාලච්චේන පොලිස් වසමේ රීදීතැන්න ප්‍රදේශයේ ඉඩමක් සෝදිසි කළා. එය අදාල ත්‍රස්තවාදීන් විසින් ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා භාවිත කර ඇති අතර එහි දී ජෙලට්නයිට් කූරු 231ක් , යතුරුපැදියක් සහ තවත් භාණ්ඩ කිහිපයක් සොයා ගත්තා. අප්‍රේල් 23 වැනි දින එහි හිමිකරු අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන්නා.

ඊයේ (06) කළ වැටලීමක දී නුවරඑළිය බිලැක්ෆූල් ප්‍රදේශයේ ලැගුම්හලක් පරික්ෂාවට ලක් කළා. එහි නතරව සිට ත්‍රස්තවාදීන් විසින් පුහුණු වැඩසටහන් කර ඇති බවට අනාවරණය වුණා. එම ලැඟුම්හල බදු පදනම මත ගෙන තිබූ උඩහීන්තැන්න, ගම්පොල පදිංචි අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙමටගොඩ ආයතන සංකීර්ණයක් අද දින පැය තුනක පමණ කාලයක් පරීක්ෂාවකට ලක් කළා. එම පරීක්ෂාව පොලිසිය, යුද හමුදාව, නිල සුනඛ අංශය ආදී අංශ කිහිපයක් එක්ව ක්‍රියාත්මක කළ අතර සැක කටයුතු කිසිවක් හමුවූයේ නැහැ.

මීගමුව පොලිසිය හා විශේෂ කාර්යය බලකාය එක්ව මීගමුව ප්‍රදේශයේ දී කළ මෙහෙයුමක දී දුරකතන මාර්ග හා විවිධ සන්නිවේදන ජාලයන් අවහිර කරන උපකරණ 08ක් හා වෙනත් භාණ්ඩ කිහිපයක් මෙන්ම ඊට අදාල ව මීගමුව ලාසරස් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් අත්අඩංගුවට ගත්තා.

දිවයින පුරා පාසල්වල ආරක්ෂාවට පොලිසිය, ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකාය එක්ව පියවර රැසක් ගෙන තිබෙනවා.

නොයෙක් අය ගමන් මලු අනාරක්ෂිත තබා යන නිසා ආරක්ෂක අංශ නොමඟයාම හා මහජනයා බියගැන්වීම සිදු වෙනවා. අදත් එවැනි සිදුවීම් කිහිපයක් වාර්තා වුණා. ජනතාව තම ගමන් මළු පිළිබඳ නිසි සැලකිල්ලෙන් කටයතු කළ යුතු අතර, මෙවැනි කටයුතු කරන අයට දැඩි ක්‍රියාමාර්ග ගන්නා අතර
දැනට කිහිපදෙනෙකු පිළිබඳ විමර්ශන සිදුවෙනවා.

දිවයින පුරා සාමකාමි තත්ත්වයක් පවතින අතර මීගමුවේ තත්ත්වය ද පාලනය කර නීතිය සහ සාමය ආරක්ෂා කර තිබෙනවා. මෙම අවස්ථාවේ වගකීමෙන් කටයුතු කිරීම වෙනුවෙන් මාධ්‍ය ආයතනවලට ස්තුතිය පළ කරනවා.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/05/07/%e0%b7%83%e0%b7%90%e0%b6%9a%e0%b6%9a%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%92%e0%b7%84%e0%b7%92%e0%b6%b4%e0%b6%af%e0%b7%99%e0%b6%b1%e0%b7%99%e0%b6%9a%e0%b7%94-%e0%b6%85%e0%b6%ad/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *