හොරොව්පතාන පොලිස්ථානාධිපතිවරයාට අල්ලස් ලබාදීමට තැත් කළ අයෙකු අත්අඩංගුවට ගැනේ.
ඉකුත් 21 වැනි දා සිදු වූ මරාගෙන මැරෙන ත්රස්ත ප්රහාරයට අදාල සැකකරුවෙකු හොරොව්පතාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු 28 වැනි දා අත්අඩංගුවට ගත් පොලීසිය දින 03 ක් රඳවා තබාගෙන මැයි මස 01 වැනි දා කැබිතිගොල්ලෑව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 14 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
සැකකරු හට ඇප ලබා දීමට එරෙහි නොවන මෙන් ස්ථානාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි ඔහුගේ ඥාතියෙකු රුපියල් ලක්ෂ 05 ක මුදලක් ඒ වෙනුවෙන් ලබා දෙන බව ස්ථානාධිපතිවරයාට පවසා ඇත.
ඒ අනුව අදාල මුදලින් අඩක් වන රු. 250,000 ක් 08 වැනි දා ලබා දෙනවිට කලින් කළ දැනුම්දීමක් මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සැකකරු 26 හැවිරිදි හොරොව්පතානේ පදිංචිකරුවෙකු වේ.