අම්පාරේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක්

රටතොට

නාවුක හමුදාව සංවිධාන කළ තවත් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩමුළුවක් මැයි 08 වැනි දා අම්පාර, මහඔය අධ්‍යාපන කලාපය තුළ පැවැත්විණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සංකල්පයක් වන ‘රට වෙනුවෙන් එකට සිටිමු’ වැඩසටහනට සමගාමී ව නාවුක හමුදාව විසින් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩමුළු රාශියක් දිපව්‍යප්තව සංවිධාන කර ඇති අතර, මේ වනවිට අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි මෙම වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව අම්පාර, මහඔය අධ්‍යාපන කලාපයේ පාසල්වල මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් සහ ඒ සම්බන්ධයෙන් ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළ අතර, ඒ සඳහා ගුරුවරුන් සහ පාසල් සිසුන් විශාල පිරිසක් සහභාගි වූ හ.

මෙම වැඩමුළුව ශ්‍රී ලංකා නාවුක හමුදා නිලධාරින් සහ මනෝ විද්‍යා උපදේශන නිලධාරින් ඇතුළු කණ්ඩායමක් විසින් ක්‍රියාත්මක කළ අතර, ඒ සඳහා ප්‍රදේශයේ රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධනවල ක්‍රියාකාරි සාමාජිකයින් ද සිය දායකත්වය ලබා දෙන ලදි.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/05/09/%e0%b6%85%e0%b6%b8%e0%b7%8a%e0%b6%b4%e0%b7%8f%e0%b6%bb%e0%b7%9a-%e0%b6%b8%e0%b6%ad%e0%b7%8a%e0%b6%af%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%80%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b6%b1%e0%b7%92%e0%b7%80%e0%b7%8f/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *