දවසේ ත්‍රස්ත මර්ධන මෙහෙයුම් වාර්තා

උණුසුම්

ගත වූ පැය 48 ක කාලය තුළ නාවුක හමුදාව සිදු කළ මෙහෙයුම් – නාවුක හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර

ගත වූ පැය 48 ක කාලය තුළ ජාතික ආරක්‍ෂාව ස්ථාපිත කිරිම සඳහා නාවුක හමුදාව විසින් දෛනික ව සිදු කරන ආරක්‍ෂක රාජකාරින්ට අමතර දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු කළ විශේෂ මෙ‍හෙයුම් මඟින් සැක කටයුතු පුද්ගලයින්, ආයුධ සහ උපකරණ අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.
කොළඹ, ඩියුක් වීදිය ආසන්න ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමක දී සැක කටයුතු යතුරුපැදිකරුවෙකු පරීක්‍ෂා කර ඇත. එහිදී, ඔහු සතුව තිබී රබර් මුද්‍රා 26 ක් සොයාගෙන ඇති අතර, එම සැක කටයුතු පුද්ගලයා වැඩිදුර පරීක්‍ෂණ කටයුතු සඳහා කොටුව පොලිස්ස්ථානය වෙත භාරදීමට කටයුතු කර ඇත.
පලාලි පොලිසිය සහ නාවුක හමුදාව එක්ව වෙත්තිල‍තකෙනි ප්‍රදේශයේ සිදු කළ වටලා පරික්‍ෂාවක දී ගෙවත්තක සඟවා තිබූ විදුලි ඩෙටනේටර් 06 ක් සහ ස්විච 02 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එම පුද්ගලයා පලාලි, පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර ඇත.
රාගම, වැලිපිල්ලැව ප්‍රදේශයේ යොදා ඇති මාර්ග බාධකයේ දී නාවුක හමුදා අණ නොතකා ගමන් කළ යතුරුපැදියක් මාර්ග බාධකයේ සිටි නාවුක පුද්ගලයෙකුගේ වැදිමෙන් නාවුක පුද්ගලයා අනතුරට පත්ව ඇති අතර, ඔහුගේ හිස් ආවරණය (Helmet) මාර්ග බාධකයේ වැටි තිබී හමු වී ඇත. මේ වනවිට එම යතුරු පැදියේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇත. මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු රාගම පොලිසිය විසින් සිදුකරනු ලබයි. එමෙන්ම අනතුරට පත් නාවුකයා මේ වනවිට රාගම, රෝහලේ නේවාසික ව ප්‍රතිකාර ලබයි.
ජාතික ආරක්‍ෂාව ස්ථාපිත කිරිම සඳහා නාවුක හමුදාව, යුද්ධ හමුදාව, ගුවන් හමුදාව සහ පොලිසිය සමග එක් ව දිවයිනේ විවිධ ප්‍රදේශවල පාසල්, පුජනීය ස්ථාන,රෝහල් සහ ප්‍රසිද්ධ ස්ථාන වල පැය 24 පුරා ආරක්‍ෂක රාජකාරි සිදුකරනු ලැබේ.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න –

2019 අපේ‍්‍රල් 21 වන දින ඇති වූ ඛේදවාචකය නිසා එදා සිට ගුවන් හමුදාව විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ආරක්‍ෂක පරීක්‍ෂාවන් වැඩිකරනු ලැබුවා. ඒ හේතුවෙන් ගුවන් ගමන් යාමට සහ දිවයිනට පැමිණෙන ගුවන් මගීන්ට සැලකිය යුතු තරමේ අපහසුතාවයන් පත්වන්නට සිදුවුණා. ඒ අනුව රථවාහන ගුවන්තොටුපොල පරිශ‍්‍රයට ඇතුළුවීම තහනම් කිරීම නිසා ගුවන් ගමන් යාමට පැමිණෙන මගීන් හට ඔවුන්ගේ වාහනවල සිට සහ
දිවයිනට පැමිණෙන ගුවන් මගීන් හට ඔවුන්ගේ වාහන වෙත යාම සඳහා සැලකිය යුතු දුරක් පයින් ගමන් කිරීමට සිදුවුණා.
කොහොම උනත් ගුවන් හමුදාව සතුටින් ප‍්‍රකාශ කරන්නට කැමතියි, මගීන් ගුවන්තොටුපොල වෙත රැගෙන ඒමට සහ යාමට, මගීන්ට තම ගමන් මලු රැගෙන පයින් ගමන් කිරීමට තිබෙන දුර අවම කිරීමට පිවිසීමේ සහ පිටත්ව යාමේ දොරටු වෙත වාහන ගමන් කිරීමට කටයුතු යොදා තිබෙන බව. එසේම ගුවන්තොටුපල කුලී රථ ප‍්‍රවාහන සේවයේ රථ සඳහා පැමිණිමේ පර්යන්තය ආසන්නයටම පැමිණිමට පහසුකම් සලසා දී තිබෙනවා. ඒ අනුව එම සේවාව ලබාගැනීමට කැමැත්ත දක්වන මගීන් හට පැමිණීමේ පර්යන්තයෙන්ම කුලී රථ වෙන් කරවාගැනීමේ පහසුකම ලබාගත හැකි අතර පර්යන්තයෙන් පිටත දී ඔවුන් හට එම රථයට ගොඩවීමේ පහසුකම හිමිවෙනවා.
මෙම නව වැඩපිළිවෙල දැක්වෙන සවිස්තර රූප සටහනක් ඔබ වෙනුවෙන් ප‍්‍රදර්ශනය කරනු ලබනවා. ඒ වගේම ඉදිරියේදී මුද්‍රිත මාධ්‍යයන් මගින් ද එය ප‍්‍රකාශයට පත්කරනු ලබනවා. ගුවන්තොටුපොලට පැමිණෙන ඕනෑම මගියෙකු හට මෙම නව වැඩපිළිවෙල පිළිබඳ වැඩිදුර විස්තර ගුවන්තොටුපොලේ සිටින ගුවන් හමුදා සහ ගුවන්තොටුපොල නිලධාරීන්ගෙන් විමසා දැනගන්න පුළුවන්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර –

පොලිසිය හා ත්‍රිවිධ හමුදාව එක් ව දිවයින පුරා සෝදිසි මෙහෙයුම් අඛණ්ඩ ව ක්‍රියාත්මක වෙනවා. එහි දී නීතිවිරෝධී භාණ්ඩ හා උපකරණ අත්අඩංගුවට
ගන්නවා. පාසල්වලට උපරිම ආරක්ෂාව දිගටම ලබාදෙමින් පවතින අතර ගුරුවරුන් සහ දෙමාපියන්ගේ විශ්වාසය තහවුරු වී තිබෙනවා.
අප සිදු කරන මෙහෙයුම්වල දී හා විමර්ශනවල දී පුද්ගලයින්ගේ තරාතිරම නොබලා කටයුතු කරන ලෙසත් ඒ සම්බන්ධව උපරිම පියවර ගන්නා ලෙසත් අතිගරු ජනාධිපතිතුමන් උපදෙස් ලබා දී තියෙනවා. උදාහරණයක් වශයෙන් නොරොච්චෝලේ පොලීසිය විසින් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙකු
අත්අඩංගුවට ගෙන ඊයේ දක්වා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මැයි 20 වැනි දා දක්වා බන්ධනාගාරගත කර තියෙනවා. ඔහුගේ කාර්යාලය පරීක්ෂා කර ලැප්ටොප් පරිගණකයක් භාරයට ගෙන විමර්ශනය කරනවා.
තහවුරු නොකළ තොරතුරක් පොලිස් නිලධාරියෙකුට ලැබීමෙන් අනතුරුව ඒ පිළිබඳ දැනුම්දිය යුතු පොලිස් නිලධාරීන්ට දැනුම්දු න්නා. ඒ තොරතුර පදනම් කරගෙන ශ්‍රී ලංකා සංචාරක අධිකාරියේ මානව සම්පත් හා පරීශ්‍ර කළමනාකරණ අධ්‍යක්ෂ නිකුත් කළ අභ්‍යන්තර ලිපියක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වෙනවා. ඒ සම්බන්ධ ව ශ්‍රී ලංකා සංචාරක අධිකාරියට අනුයුක්ත කරන ලද බදුල්ලේ පදිංචි කාන්තාවකගෙන් ප්‍රශ්න කර ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරි විමර්ශන කිරීමට භාරදීමට කටයුතු කරනවා. තව ද, මෙම ලිපිය සම්බන්ධව තොරතුරු තහවුරු වී නොමැති බවත් ඊට අදාල ව ආරක්ෂාව තර කර තියෙනවා.
කොච්චිකඩේ මරාගෙන මැරුනු බෝම්බකරු වන අලව්දීන් අහමඩ් මුවාත් යන අයගේ සහෝදරයා සහ බෝම්බකරුට සමීපව කටයුතු කළ තවත් දෙදෙනෙකුත්
අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් තඹ කර්මාන්ත ශාලාවේ 09 දෙනා ඇප මත මුදා හැරීම සම්බන්ධව වැල්ලම්පිටිය පොලීසියේ දෝෂයක් නිසා සිදු වූවා දැයි තවදුරටත් පොලිස් මූලස්ථානය පරීක්ෂණ කරමින් සිටින අතර ඊට අදාල යම් යම් කරුණු අනාවරණය වී තියෙනවා. ඊට වගකිව යුතු නිලධාරීන්ට දැඩි දඬුවම් ලබා දෙනවා.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/05/09/%e0%b6%af%e0%b7%80%e0%b7%83%e0%b7%9a-%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%83%e0%b7%8a%e0%b6%ad-%e0%b6%b8%e0%b6%bb%e0%b7%8a%e0%b6%b0%e0%b6%b1-%e0%b6%b8%e0%b7%99%e0%b7%84%e0%b7%99%e0%b6%ba-2/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *