සහරාන්ගේ සමීපතමයෙකු අත්අඩංගුවට

උණුසුම්

මරාගෙන මැරෙන ත්‍රස්තවාදියෙකු වූ මොහොමඩ් සහරාන්ගේ තවත් සමීපතමයෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ මැයි 09 වැනි දා පස්වරුවේ කාත්තන්කුඩි පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු කාත්තන්කුඩා, මෙත්තාපල්ලි පාරේ පදිංචි 60 හැවිරිදි මොහොමඩ් අලියාර් නමැත්තෙකු ය.

ඔහු සහරාන් සමග සමීප සබඳතා පැවැත් වූ බවත්, ඔහු සමග මුදල් ගනුදෙනු පවා සිදු කර ඇති බවත් අනාවරණ වී තිබේ.

පොලීසිය පවසන්නේ සැකකරු රඳවා තබාගෙන විමර්ශන පැවැත්වීමට නියමිත බවයි.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/05/09/%e0%b7%83%e0%b7%84%e0%b6%bb%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b7%83%e0%b6%b8%e0%b7%93%e0%b6%b4%e0%b6%ad%e0%b6%b8%e0%b6%ba%e0%b7%99%e0%b6%9a%e0%b7%94-%e0%b6%85%e0%b6%ad%e0%b7%8a%e0%b6%85/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *