අක්කරෛපත්තු කලපුවක කිමිදුම් මෙහෙයුමක්

හමුදා තොරතුරු

මැයි මස 10 වැනි දා නාවුක හමුදාව සිදු කළ ත්‍රස්ත මර්ධන මෙහෙයුම් පිළිබඳ නාවුක හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කොමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රයේ දී ඉදිරිපත් කළ වාර්තාව –

ගත වූ පැය 24 ක කාලය තුළ ජාතික ආරක්‍ෂාව ස්ථාපිත කිරිම සඳහා නාවුක හමුදාව විසින් දෛනික ව සිදුකරනු ලබන ආරක්‍ෂක රාජකාරින්ට අමතරව දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුකළ විශේෂ මෙ‍හෙයුම් මඟින් සැක කටයුතු පුද්ගලයින්, ආයුධ සහ උපකරණ අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

අක්කරෙයිපත්තු පොලිසිය විසින් සිදු කළ දැනුම්දීමකට අනුව නාවුක හමුදා කිමිදුම් නාවුකයින් අක්කරෙයිපත්තු, මොරවුඩි කළපුවේ කිමිදුම් මෙහෙයුමක් සිදුකර ඇති අතර, එහිදී පොරෝ 01ක්, කඩු 03 ක්, පිහි 02 ක්, හඳුනාගත නොහැකි බෝම්බයක්, බෝර තුවක්කු බැරල් 02 ක්, ඒ සඳහා භාවිත කරන උණ්ඩ 01 ක්, වායු තුවක්කු උණ්ඩ 94 ක්, සංයුක්ත තැටි 06 ක්, ජංගම දුරකථන 02 ක්, ටැබ් වර්ගයේ පරිගණකයක්, දිවා දුරදක්නයක් සොයාගෙන ඇත. ඒ සම්බන්ධ ඉදිරි පරීක්‍ෂණ කටයුතු අක්කරෙයිපත්තු පොලිසිය විසින් සිදු කරනු ලබයි.

තලාතුඔය, මාරස්සන පාරේ බෝක්කුවක් අසල විසිකර දමා ගොස් තිබූ 7.62 x 39 මිමි උණ්ඩ 365 සමඟ මැගසින් 03 ක් සහ 7.62 x 39 මිමි හිස්
පතරොම් කොපු 72 ක් සොයා ගෙන ඇත. එය ඉදිරි පරික්‍ෂණ කටයුතු සඳහා තලාතුඔය, පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර ඇත.

ජාතික ආරක්‍ෂාව ස්ථාපිත කිරිම සඳහා නාවුක හමුදාව, යුද්ධ හමුදාව, ගුවන් හමුදාව සහ පොලිසිය සමග එක්ව දිවයිනේ විවිධ ප්‍රදේශවල පාසල්, පුජනීය ස්ථාන, රෝහල් සහ ප්‍රසිද්ධ ස්ථානවල පැය 24 පුරා ආරක්‍ෂක රාජකාරින් සිදුකරනු ලැබේ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/05/10/%e0%b6%85%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b6%bb%e0%b7%9b%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%94-%e0%b6%9a%e0%b6%bd%e0%b6%b4%e0%b7%94%e0%b7%80%e0%b6%9a-%e0%b6%9a%e0%b7%92%e0%b6%b8%e0%b7%92%e0%b6%af/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *