කේරළ ගංජා සහ අනවසර වැලි තොගයක් අත්අඩංගුවට

හමුදා තොරතුරු

කේරළ ගංජා ග්‍රෑම් 180 ක් සමඟ පුද්ගලයින් 02 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවුක හමුදාව සමත් වේ.

මැයි 09 වැනි දා මුතුර් ප්‍රදේශ‍යේ සිදු කළ සෝදිසි කිරීමක දී ඔවුන් අත්අඩංගුවට පත් ව ඇත්තේ නැගෙනහිර නාවුක විධානයට අනුයුක්ත නාවුක පිරිසක් සහ මුතුර් පොලිසියට අනුයුක්ත නිලධාරින් එක් ව සිදු කළ වැටලීමක දී ය.

සැකකරුවන් වයස අවුරුදු 21 සහ 26 ක් වන මුතුර් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් සතු වූ යතුරුපැදි 02 ක් ද සොයාගත් බව නාවුක හමුදාව කියයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයින්, කේරළ ගංජා සහ යතුරුපැදි ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා මුතුර්, පොලිසිය වෙත භාර දී ඇත.

මේ අතර, අවසරපත් නොමැති ව වැලි පැටවූ පුද්ගලයින් 04 දෙනෙක් ද නාවුක හමුදා අත්අඩංගුවට පත් ව තිබේ.

නාවුක හමුදා සාමාජික පිරිසක් ත්‍රිකුණාමලය, කල්අඩි ප්‍රදේශයේ දී මැයි 09 වැනි දා සිදු කළ වැටලීමක දී ඔවුන් සිය භාරයට ගෙන ඇත.

අවසරපත් නොමැති ව මහවැලි ග‍ඟේ වැලි පටවමින් සිටි ඔවුන් සතු ව තිබී ට්‍රැක්ටර් රථයක් සහ වැලි තොගයක් නාවුක හමුදාව භාරයට පත් ව තිබේ.

අත්අඩංගුවට පත් පුද්ගලයින්, ට්‍රැක්ටර් රථය සහ වැලි තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා සේරුනුවර පොලිසිය වෙත භාර දුන් බව නාවුක හමුදාව කියයි.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/05/10/%e0%b6%9a%e0%b7%9a%e0%b6%bb%e0%b7%85-%e0%b6%9c%e0%b6%82%e0%b6%a2%e0%b7%8f-%e0%b7%83%e0%b7%84-%e0%b6%85%e0%b6%b1%e0%b7%80%e0%b7%83%e0%b6%bb-%e0%b7%80%e0%b7%90%e0%b6%bd%e0%b7%92-%e0%b6%ad%e0%b7%9c/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *