ත්‍රස්ත සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට

පොලීසියෙන්

මැයි මස 10 වැනි දා ආරක්ෂක අංශ මාධ්‍ය කේන්ද්‍රයේ දී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉදිරිපත් කළ දවසේ ත්‍රස්ත මෙහෙයුම් තොරතුරු සාරාංශය –

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර

ඊයේ 09 වැනි දා රාත්‍රි කාත්තන්කුඩි පොලිස් සාථානය විසින් සැකකරුවෙක්අත්අඩංගුවට ගත්තා. මෙම සැකකරු මෙත්තාපල්ලි පාර,කාත්තන්කුඩි 02 හි පදිංචි මොහොමඩ් අලියාන් නැමැති පුද්ගලයෙක්. අත්අඩංගුවට ගනු ලැබු මෙම සැකකරු මොහොමඩ් සහරාන් සමඟ ඉතා සමීප සබඳතාවක් පවත්වාගෙන ගිය බවටත්,මුදල් ගනුදෙනු පවත්වාගෙන ගිය බවටත් තොරතුරු අනාවරණ වෙලා තියෙනවා. මොහු හම්බන්තොට ප්‍රදේශයේ, ත්‍රස්තවාදීන්ට අයත් ආරක්ෂිත නිවසක පවත්වන ලද පුහුණුවීම් කිහිපයකට සම්බන්ධ වූ පුද්ගලයෙක් බවටත් විමර්ශනයෙදී අනාවරණය වෙලා තියෙනවා. විමර්ශනවලට අනුව ඔහුට අයත් බැංකු ගිණුම් පිළිබඳව අනාවරණය කර ගන්නට හැකිවුනා. මේ වනවිට මෙම පුද්ගලයා රඳවාගෙන විමර්ශන කිරීම් සිදු කරනවා.

එදින ම කොම්පඤ්ඤවීදියේ කරන ලද වැටලීම්වල දී කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් බුහාරි මොහොමඩ් රාෆික් නැමැති පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. මොහු පදිංචිවී සිටියේ ගල්විහාර පාර දෙහිවල ප්‍රදේශයේ. මොහුත් මෙම ත්‍රස්තවාදී කණ්ඩායම සමඟ සම්බන්ධකම් තියෙන බවට ලැබුන තොරතුරකින් මොහු අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ වගේම ටී.බී.ජයා මාවත, කොළඹ 10 යන ලිපිනයෙහි පුද්ගලික ආයතනයක සැකකරු සේවය කර තියෙනවා. ඔහුගේ නිල කාමරය පරීක්ෂා කිරීමේ දී සඟවා තිබූ රුපියල් ලක්ෂ 83 ට අධික මුදලක්, පවුම් 97ක් පමණ වටිනා රන් ආභරණ තොගයක් ද
අත්අඩංගුවට ගනු ලැබුවා. මොහුට අයත් දෙහිවල ප්‍රදේශයේ සුපිරි නිවසක් සහ බැංකු ගිණුම් කිහිපයක් ද අනාවරණය වුනා. මේ වනවිට ඔහු රඳවා තබා විමර්ශන කටයුතු සිදු කරනවා.

කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ ත්‍රස්තවාදී ක්‍රියාවන් සිදු කළ පුද්ගලයන් විසින් සඟවා තිබු පුපුරණ ද්‍රව්‍ය තොගයක් අද වෙරළ පාර, කාත්තාන්කුඩි 06 වෙරළෙහි වල දා තිබියදී බුද්ධි අංශවලට ලද තොරතුරුක් මත සොයා ගනු ලැබුවා. මෙම පුපුරණ දුව්‍ය, ආයුධ කිසිවක් ඉතිරි නොකර සියල්ල අපි සොයා ගන්නවා. ඒ සියල්ල අනාවරණය කර ගන්නවා. මේ ක්‍රියාවට සම්බන්ධකම් තිබෙන සියලු දෙනා, දේපල සහ සියලු පුද්ගලයින් පොලිසිය භාරයට ගනු
ලැබුවා.

වැල්ම්පිටිය තඹ කර්මාන්තශාලාවේ සේවකයින් 09 දෙනෙකුට ඇප ලැබීමේ සිද්ධියට අදාල ව වැල්ලම්පිටිය පොලිසිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය මඟින් විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා. වැල්ලම්පිටිය පොලිස්ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තියෙනවා. පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය විසින් මේ පිළිබඳව අතුරු වාර්තාවක් ලබාදීමට
නියමිතයි. ඒ අතුරු වාර්තාව ලද වහාම මේ සඳහා වගකිව යුතු පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි විනය පියවර ගන්නා බව වගකීමෙන් සඳහන් කරනවා.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/05/10/%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%83%e0%b7%8a%e0%b6%ad-%e0%b7%83%e0%b7%90%e0%b6%9a%e0%b6%9a%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%92%e0%b7%84%e0%b7%92%e0%b6%b4%e0%b6%af/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *