නව නීතිපති

රටතොට

නව නීතිපති දප්පුල ද ලිවේරා දිවුරුම් දෙයි.

වැඩ බලන නීතිපති දප්පුල ද ලිවේරා 10 වැනි දා පෙරවරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ඉදිරියේ අදාල ධුරයේ දිවුරුම් දුන්නේ ය.

මේ අතර අභ්‍යන්තර ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එච්. එම්. ගාමිණි සෙනෙවිරත්න පත් කර තිබේ.

ප‍්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස කේ.ජී. අශෝකා අලවත්ත පත් කර ඇත.

ඔවුන් ද කොළඹ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත් හ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/05/10/%e0%b6%b1%e0%b7%80-%e0%b6%b1%e0%b7%93%e0%b6%ad%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%92/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *