මුස්ලිම් පල්ලිවලට උපදෙස් මාලාවක්

ආගමික

සියලු මුස්ලිම් දේවස්ථානවල බාරකරුවන් සඳහා විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කෙරේ.

ඉස්ලාම් දහමට අනුව අහිංසක පුද්ගලයෙකු ඝාතනය සමස්ත මිනිස් ප්‍රජාව ම ඝාතනය හා සමාන බව එහි සඳහන් ය.

තැපැල් සේවා හා මුස්ලිම් කටයුතු අමාත්‍ය එම්. එච්. ඒ. හලීම්ගේ අත්සනින් 09 වැනි දා නිකුත් කළ එම ලිපියට අනුව දේවස්ථාන තුළ සිදු කෙරෙන සියලු කටයුතුවල වගකීම අදාල භාරකරුවන් දැරිය යුතු වේ.

ඒ අනුව,යම් ආකාරයකින් වෛරය, අන්තවාදය වැනි ප්‍රචණ්ඩකාරී කටයුත්තක නිරතවීම හෝ එවන් පිරිසකට සහාය දැක්වීමක් සිදුවන්නේනම් වකුප් ඇතුළු ඉස්ලාම් ආගමික නීති, රටේ ක්‍රියාත්මක දණ්ඩ නීතිය, හදිසි නීතිය ඇතුළු ප්‍රතිපාදන අනුව අදාල භාරකරුවන් ඊට වගකිව යුතු වේ.

දේවස්ථාන තුළ සිදු කෙරෙන සියලු දේශනා පටිගත කර, මුස්ලිම් ආගමික අමාත්‍යාංශයට ඉදිරිපත් කළ යුතු වේ.

ත්‍රස්තවාදය දුරු කිරීමට සියලු ආරක්ෂක අංශ සඳහා සහයෝගය ලබාදිය යුතු වේ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/05/10/%e0%b6%b8%e0%b7%94%e0%b7%83%e0%b7%8a%e0%b6%bd%e0%b7%92%e0%b6%b8%e0%b7%8a-%e0%b6%b4%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%92%e0%b7%80%e0%b6%bd%e0%b6%a7-%e0%b6%8b%e0%b6%b4%e0%b6%af%e0%b7%99%e0%b7%83%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *