මාධ්‍ය වාරණයක් නෑ..

උණුසුම්

රජය හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කිසිදු අන්දමක මාධ්‍ය වාරණයක් පනවා නැතැයි එම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

රටේ දෛනික ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම පිණිස ඉකුත් දා දෙපාර්තමේන්තුවේ දී මාධ්‍ය ප්‍රධානීන්ගේ රැස්වීමක් පැවති බවත්, එහි දී තහවුරු කරගත් තොරතුරු පමණක් සන්නිවේදනයට අදාල ප්‍රධානීන් එකඟතාවක් ඇති කරගත් බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් 11 වැනි දා ප්‍රකාශ කළේ ය.

වැටලීම්වලින් සොයාගත්තේ යැයි කියන ආයුධවල තහවුරු නොකළ දර්ශන ඉදිරිපත් කිරීම හා අදාල තොරතුරු ප්‍රකාශයට පත්කිරීමෙන් ජනතාව භීතියට සහ අනවශ්‍ය කැළඹීමට පත්වීම වළකාලනු පිණිස පොලීසිය හා ත්‍රිවිධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරුන් තහවුරු කළ දර්ශන පිළිබඳ ප්‍රචාරය කරන ලෙස පමණක් තමන් ඉල්ලා සිටි බව එහි සඳහන් වේ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/05/11/%e0%b6%b8%e0%b7%8f%e0%b6%b0%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b7%80%e0%b7%8f%e0%b6%bb%e0%b6%ab%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b1%e0%b7%91/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *