රට වට රකින්න අමෙරිකානු නෞකාවක්

හමුදා තොරතුරු

ශ්‍රී ලංකා නාවුක හමුදා නෞකා පන්තියට අමෙරිකානු වෙරළාරක්‍ෂක නෞකාවක් එක් වේ.

අමෙරිකානු වෙරළාරක්‍ෂක ‘ෂර්මන්’ නෞකාව මැයි 12 වැනි දා කොළඹ වරායට සේන්දු වූවා ය.

ශ්‍රී ලංකා නාවුක හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම උදෙසා අමෙරිකා එක්සත් ජනපදයෙන් ලබාගත් නෞකාව ‘ෂර්මන්’ නෞකාව එදින පෙරවරු 1000 ට පමණ කොළඹ වරායට සේන්දු වූ අතර නාවුක සම්ප්‍රදායානුකූල ව එය පිළිගන්නා ලදී.

නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන්, කපිතාන් (මාලිමා) රෝහිත අබේසිංහ කටයුතු කරනු ලබන අතර, නිලධාරීන් 22 දෙනෙකුගෙන් සහ නාවුකයින් 111 දෙනෙකුගෙන් නැව් මුළුව සමන්විත වේ.

නාවුක හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, නාවුක හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් නිරාජ ආටිගල, නාවුක හමුදා මූලස්ථානය සහ බටහිර නාවුක විධානය නි‍යෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද එම අවස්ථාව සඳහා එක් වී සිටිය හ.

නාවුක හමුදාධිපතිවරයා නෞකාවේ නිරීක්ෂණ චාරිකා වාරයක නිරත වෙමින් නෞකාවේ ක්‍රියාකාරීත්වය, මෙහෙයුම් සූදානම සහ සැකැස්ම පිළිබඳ නිරීක්ෂණය කළේ ය. එය නොබෝ දිනකින් සන්නද්ධ හමුදා සේනාධිනායක, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් අධිකාරියට පත් කිරීමට නියමිතයි.

ඉකුත් 2018 වසරේ අගෝස්තු 27 වැනි දා නෞකාව නිල වශයෙන් නාවුක හමුදාවට භාර දීමේ උත්සවය හවායි දුපතේ හොනොලුලු හිදි සිදු කෙරිණි. එහිදී අමෙරිකානු වෙරළාරක්‍ෂක බලකායේ අත්පත්කරගැනීම් අංශයේ සහකාර ආඥාපති සහ ප්‍රධාන නිලධාරි, රියර් අද්මිරාල් හේකොක් විසින් ශ්‍රී ලංකා හිටපු නාවුක හමුදාධිපති, අද්මිරාල් සිරිමෙවන් රණසිංහ හට නෞකාව නිල වශයෙන් භාර දෙන ලදී.

මිටර් 115 ක දිගින් යුතු, යුද ශිල්පීය අවි ආයුධවලින් සමන්විත මෙම නෞකාව, ශ්‍රී ලංකා නාවුක හමුදා නෞකා කණ්ඩායමට එක් වූ පසු ශ්‍රී ලංකා නාවුක හමුදාවේ භාවිත වන විශාලතම නෞකාව බවට පත් වනු ඇත.
ශ්‍රී ලංකාවට අයත් ගැඹුරු මුහුදු කලාපය තුළ සෙවීමේ සහ මුදවාගැනීමේ මෙහෙයුම්, සාගර සම්පත් ආරක්ෂා කිරීම සහ නාවඅුක කටයුතුවල නිරත වන නෞකා සහ යාත්‍රා වෙත සහන සැපයිම සඳහා මෙම නෞකාව යොදා ගැනීමට අපේක්‍ෂිතයි.

.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/05/12/%e0%b6%bb%e0%b6%a7-%e0%b7%80%e0%b6%a7-%e0%b6%bb%e0%b6%9a%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%85%e0%b6%b8%e0%b7%99%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%b1%e0%b7%9e/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *