අසත්‍ය ප්‍රචාරයන්ට දැඩි දඬුවම්

පොලීසියෙන්

ඉකුත් පැය 24 තුළ රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර 2019.05.13 දා මාධ්‍ය වෙත දැක්වූ අදහස් –

කුලියාපිටිය හෙට්ටිපොළ මාර්ගයේ වෙළෙඳසැල් 03 කට පහරදීමේ සිද්ධියක් ඊයේ සවස වාර්තා වුනා . එම සිද්ධිය පාලනය කිරීම සඳහා ඊයේ රාත්‍රි එම ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළා. අදත් කුලියාපිටිය ආශ්‍රිත ප්‍රදේශයේ වෙළඳසැල් කීපයකට ගල් ප්‍රහාර එල්ල කිරීම් වාර්තා වුනා, ඒ අනුව පොලිස් වසම් 04 කට හා ඉන් අනතුරුව පොලිස් වසම් 02 ට ඇතුළු ව පොලිස් වසම් 06 කට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළා. තවදුරටත් එම සිද්ධීන් පැතිරීම නතරකිරීමට හා සමස්ථ සිද්ධිය පාලනය කිරීමට වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු වයඹ පළාතට ම පොලිස් ඇඳිරි නීතිය
ක්‍රියාත්මක කිරීමට කටයුතු කළා.
මෙම සිද්ධියත් සමඟ නොයෙකුත් අසත්‍ය ප්‍රචාර පැතිරෙනවා. මෙහිදී දේපල හානි කිපයක් වාර්තා වුවත් පුද්ගලයින්ට කිසිඳු තුවාලවීම් වාර්තා වුයේ නෑ. ජාතීන් අතර ආරවුල් හා නොසන්සුන්කාරී තත්ත්වයන් හරහා සිදුවන්නේ ජාතික ආරක්ෂාවට යෙදවීමට ඉන්නා පොලිස්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් එම තත්ත්වයන් පාලනය කිරීමට ඒ ඒ ප්‍රදේශවල යෙදවීමට සිදු වීමයි.
සමාජ මාධ්‍ය වලින් හා කටකතා මගින් ජාතීන් අතර අසමගිය, වෛරය, භිතිය යන අසත්‍ය ප්‍රචාර සමාජයට හානි වෙනවා. මෙයට හොඳම උදාහරණය වන්නේ ඊයේ හලාවත සිද්ධියයි. එය සමාජ මාධ්‍ය හරහා බහින්බස් වීම දුරදිගයාමක් සිදු වී තියෙනවා. එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. අද ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි 24 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තියෙනවා.
හලාවත සිද්ධිය මේ වනවිට සම්පූර්ණයෙන්ම අවසන් කර තියෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ ජාතීන් අතර අසමගිය, වෛරය ඇතිවන,මහජනතාව භීතියට පත්වන අසත්‍ය ප්‍රචාර පතුරුවන තැනැත්තන් පිළිබඳ පරීක්ෂා කිරීමට පොලිස් මූලස්ථානයේ විශේෂ ඒකකයක් ස්ථාපිත කරනු ලැබුවා. මෙවැනි ප්‍රචාරයන් ඔස්සේ ජාතීන් අතර වෛරය, අසමගිය, භීතිය ප්‍රචාරය කරන්නන් අවශ්‍ය ඒකකවලට යොමුකිරීම හෝ විමර්ශන ආරම්භ කිරීමට හෝ ඉදිරි කටයතු සිදු කිරීමට මේ විශේෂ ඒකකය මගින් සිදු කරනවා. මෙවැනි අසත්‍ය ප්‍රකාශ නිර්මාණය කිරීම, සමාජ මාධ්‍ය වලට මුදා හැරීම, හා තවත් අය වෙත යැවීම වරදක්. එය හදිසි අවස්ථා රෙගුලාසිය යටතේ වසර 03 සිට වසර 07 දක්වා සිර දඩුවම් ලබා දෙනවා. ඊට අමතරව සිවිල් හා අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනත යටතේ එවැනි ක්‍රියා තහනම් කර තියෙනවා. එහි දී වසර 10 දක්වා සිර දඩුවම් ද ලබා දෙනවා.

අද දිනය පිළිබඳ ද විශාල භීතියක් මහජනතාව තුළ ඇති කර තිබුණා. පසුගිය දිනවල දිගින් දිගටම අප විශේෂ ආරකෂාව සලසා ඇති බව ප්‍රකාශ කළා. එහිදි මහජනතාවගෙන් ඉල්ලීමක් කලා ජනතාවගේ එදිනෙදා කටයතු සුපුරුදු පරිදි කර ගන්නන කියා. තවදුරටත් එවැනි අසත්‍ය ප්‍රචාරයන්ට රැවටෙන්න එපා යන ඉල්ලීම අප නැවතත් ඉල්ලනවා.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/05/13/%e0%b6%85%e0%b7%83%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b6%b4%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%a0%e0%b7%8f%e0%b6%bb%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b6%af%e0%b7%90%e0%b6%a9%e0%b7%92/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *