ත්‍රිවිධ හමුදා ගැන විශ්වාසය තියන්න!

උණුසුම්

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන මැයි මස 13 වැනි දා ජනතාව වෙනුවෙන් කළ විශේෂ ප්‍රකාශය –

2019 අප්‍රේල් මස 21 වන දින IS ත්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රගාරවලින් පසුව මේ දක්වා කාලය තුළ ත්‍රිවිධ හමුදාවත්, පොලීසියත්, විශේෂ කාර්ය බලකායත් එකතුව අපේ බුද්ධි අංශයත් සමඟ කරන ලද ක්‍රියාන්විතවල දි ඒ ප්‍රහාර සඳහා සම්බන්ධ වූත්, ඒකට උදවු සැපයූත් සියළුම ත්‍රස්තවාදීන් සහ ඔවුන්ගේ උදව්කරුවන් මරාදැමීමටත් ඒ වගේම අත්අඩංගුවට ගැනීමටත් අපේ ත්‍රිවිධ හමුදාවට සහ විශේෂ කාර්ය බලකායට හැකිවී තිබෙන බව මා මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි.

ඒ වගේම එම කටයුතුවලදී ඔබ දන්නා පරිදි ත්‍රිවිධ හමුදාවත්,පොලීසියත්, විශේෂ කාර්ය බලකායත් ඉතා කැපවීමෙන් තමන්ගේ රාජකාරී තමන්ගේ රට සඳහාත්, තමන්ගේ ජනතාව සඳහාත් කරගෙන ගියා. ඉදිරියටත් අපි ඒ කරනු ලබන ක්‍රියාන්විත රාජකාරී ඒ අන්දමින්ම කරගෙන යාමට බලාපොරොත්තු වෙනවා, රටේ සම්පූර්ණ සාමය පැමිණෙන තුරු. නමුත් දැන් කාලය එළඹ තිබෙනවා ඔබ සැමට ත්‍රිවිධ හමුදා පිළිබඳව තමන්ගේ විශ්වාසය තියලා තමන්ගේ
එදිනෙදා රාජකාරී, එදිනෙදා කටයුතු, බයකින් සැකයකින් තොරව කරගෙන යාමට.

ඔබ දන්නවා ඊයේ (12) සිදුවීම් කිහිපයක් සිදුවුණා. කලහකාරී සිදුවීම් කිහිපයක් හලාවතත්, බිංගිරියත්, ඒ වගේම අද හෙට්ටිපොළ ප්‍රදේශයෙත් ගිය සතියේ ඉරිදා නැත්නම් මීට සුමානයකුත් දවසකට ඉස්සෙල්ලා මීගමුව ප්‍රදේශයේ සුළු සිදුවීමක් සිදුවුණා. මේ සිදුවීම් මඟින් සිදුවෙන්නේ අපේ රටේ ජනතාව අතර තිබෙන ඒ සාමය කඩවීමත්, ඒ කඩවීම මඟින් ඒ සාමය නැවත ස්ථාපිත කිරීම සඳහා අපි ත්‍රිවිධ හමුදාව සහ දැනට යෙදී සිටින රාජකාරීවලින් ඉවත්වෙලා ඒ
සඳහා කටයුතු කිරීම. ඉතින් එයින් අපි කරගෙන යන මෙතෙක් කල් හොඳින් කරගෙන ආපු මේ ක්‍රියාන්විතයට බාධා පැමිණෙනවා.

ඉතින් මම ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ එවැනි කටයුතුවලට සහභාගි වෙන්න එපා. සුළු සිදුවීම් ගල් ගහන එක නැත්නම් සමහර අයට පහර දෙන එක ඒ වගේ දේවල් වලින් අපිට කරගෙන යන මේ රාජකාරීය දිගටම කරගෙන යාමට බාධා එන බව ඔබට තේරෙනවා. හේතුව තමයි ඒ සඳහා යොදවා තිබෙන භටපිරිස් මේ සාමය ආරක්ෂා කිරීම සඳහා අපට යොදවන්න වෙනවා. ඒ වගේම ඔබ දන්නවා එවෙනි කෝලාහලයක් ඇති වුනොත් අපේ රට මේ දක්වා කරගෙන ආපු මේ රාජකාරියත්, අපි මේ දක්වා ලෝකයට දුන්න ආදර්ශයත් නැති වී යන බව.

ඒ හින්දා මා ඔබගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා සාමයෙන් සහ සමාදානයෙන් තමන්ගේ එදිනෙදා කටයුතු කරගෙන යන්න. ඔබගේ ත්‍රිවිධ හමුදා කෙරෙහි ආරක්ෂාව සඳහා අපි ලබා දෙන මේ දේවල් ගැන ඔබේ විශ්වාසය තබන්න. ඒ වගේම ඔබ දකින නිල ඇඳුමෙන් ඉන්න නිලධාරීන් වගේම පිරිසක් සිවිල් ඇඳුමෙනුත් බුද්ධි අංශයේ අය රාජකාරී කරන බවත් මතක තබා ගන්නා. නිල ඇඳුමෙන් ඉන්න කිහිපදෙනා ගැන පමණක් හිතන්න එපා. ඔබේ ආරක්ෂාව ගෙන ඊට විශාල ක්‍රියාන්විතයක් විශේෂයෙන්ම යුධ හමුදාපතිතුමාගේ නායකත්වයෙන් කෙරීගෙන යනවා. ඒ වගේම Overall Operation
Commander නැත්නම් මේ ක්‍රියාන්විතය කිරීම සඳහා වෙනම නිලධාරියෙක් පත්වෙලා ඉන්නවා, දැන් කොළඹ ප්‍රදේශයටත් ඒ වගේම පුත්තලම ප්‍රදේශයටත්. ඒ නිලධාරිනුත් බුද්ධි අංශයේ දක්ෂ නිලධාරිනුත් එකුතුවෙලා ඉතා හොඳින් මේ කටයතු සිදු කර යනවා.
ඉතින් ඔබ ඔබගේ එදිනෙදා කටයුතු බියෙන් සැකෙන් තොරව කරගෙන යන්න. ඔබට අවශ්‍ය විස්තර ඔබ දන්නවා එම දිනේම ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අංශයෙන් ඒවා ඔබට ලබා දෙනවා.
ඒවා කෙරෙහි විශ්වාසය තබන්න. මුහුණු පොතේවත් එහෙම නැත්නම් Social Media වලත් නැත්නම් තමන්ට එන SMS එකෙන්වත් ලැබෙන්න
ආරංචි බුද්ධි තොරතුරු ලෙස සලකන්න එපා.!

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/05/13/%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%92%e0%b7%80%e0%b7%92%e0%b6%b0-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%8f-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1-%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%8a%e0%b7%80/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *