මේ රූපයට සමාන අයෙක් දන්නේ ද?

උණුසුම් පොලීසියෙන්

ඉකුත් පාස්කු දින සිදු වූ බෝම්බ ප්‍රහාරයන්ට සම්බන්ධ තවත් පුද්ගලයෙකු පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියයි.

සැකකරු පිළිබඳ විස්තර –

අප්‍රේල් 21 වැනි දා කොච්චිකඩේ බෝම්බ ප්‍රහාරයට පැමිණි බෝම්බකරු එහි පැමිණි අංක WP PJ 4080 වෑන් රථයේ ලියාපදිංචි අයිතිකරු වූයේ
කිංග්ස්බරි හෝටලයේ බෝම්බ පිපිරවූ බෝම්බකරු වූ මොහොමඩ් අසාම් මොහොමඩ් නිසාම්ටයි. එම වෑන් රථය ද කොච්චිකඩේ ප්‍රහාරයෙන් පසු පිපිරීමකට ලක් කිරීමට බෝම්බ සහිතව සූදිනම් කර තිබුණා. ප්‍රහාරයට පසු දා එනම් අප්‍රේල් 22 වැනි දා එය පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් විසින් ආරක්ෂා සහිත ව පුපුරුවා හැරියා.

මෙම වෑන් රථය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දිගින් දිගමට පරීක්ෂණ සිදු කළා. එහිදි
අනාවරණය වූයේ වෑන් රථයේ ලියාපදිංචි අයිතිකරු සමඟ මෙම වෑන්රථය මිලදී ගැනීමට හා ආසන සකස් කිරීමට තවත් තැනැත්තෙක්
සම්බන්ධ වී ඇති බවයි. ඒ තැනැත්තා සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කටයුතු සිදු කරනවා.

ඒ අනුව ඔහුව දැක තිබුණු සාක්ෂිකරුවන් 04 දෙනෙකුගේ ප්‍රකාශ අනුව ඔහු වයස අවුරුදු 35- 40 අවධියේ පසුවන, කෙට්ටු සිරුරක් සහිත, උස අඩි 05යි අඟල් 6ක් පමණ වූ මුහුණ පුරා රැවුල වවා ඇති, තලෙලු පැහයෙන් වූ පුද්ගලයෙන්. එක් එක් සාක්ෂි කරුවන්ගේ ප්‍රකාශ අනුව පොලිස් අපරාධ වාර්තා කොට්ඨාසයේ පොලිස් නිලධාරියෙක් විසින් සැකකරුගේ රුවට සමාන චිත්‍ර 04 ක් අඳිනු ලැබුවා.

මේ පුද්ගලයා පිළිබඳ තොරතුරු පහත අංක ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන්න!
0112422176
0112392900


.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/05/13/2283/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *