ත්‍රස්ත සැකකරුවන් 85 ක් අත්අඩංගුවේ

පොලීසියෙන්

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර, කොළඹ ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රයේ දී දව‍සේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ තොරතුරු ප්‍රකාශ කරමින්..

වයඹ පළාතේ කුරුණෑගල, හලාවත, කුලියාපිටිය ප්‍රදේශවල ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට සම්බන්ධ වූ සැකකරුවන් 78 ක් බන්ධනාගාරගත කර තිබෙනවා. ඔවුන්ගේ රැකියා ස්ථානවලට ද අදාල විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා තොරතුරු ලබා දී තිබෙනවා.
පවතින වීඩියෝ දර්ශන ආදිය උපකාරී කර ගනිමින් සෙසු අයත් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කටයුතු සිදු කරනවා.
සාමය ආරක්ෂා කිරීම සඳහා වයඹ පළාතේ පමණක් පොලිස් නිලධාරීන් 5500 ක් යොදවා ඇති අතර ඒ වෙනත් එනම් අධිකරණ, අපරාධ විමර්ශන, රථවාහන ආදී කටයුතුවල යෙදීමට නියමිත පොලිස් නිලධාරීන් ය.
21 වැනි දා ප්‍රහාරයට අදාල ව සැකකරුවන් 85 දෙනෙකු රදවාගෙන සිටින අතර එයට සහරාන්ගේ බිරිඳ ද ඇතුළත්.
කොච්චිකඩේ බෝම්බ පිපිරීමට ගෙනා වෑන් රථයට සම්බන්ධ පුද්ගලයෙකුගේ රූප සටහන් 04 ක් පසුගිය දා මාධ්‍ය හරහා ප්‍රසිද්ධයට පත්කළා. ඔහු නව
කාත්තන්කුඩිහි පදිංචි මොහොමඩ් ආදම් ලෙබ්බේ යන අය අත්අඩංගුවට අරගෙන තිබෙනවා.
මෙම ත්‍රස්තවාදීන් විසින් භාවිතා කරන ලද ආරක්ෂිත නිවාස 17ක් ප්‍රදේශ කිහිපයකින් සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකිවී තිබෙනවා.
බලපත්‍ර රහිත පුපුරන ද්‍රව්‍ය පොලීසියට ගෙනවිත් භාරදීමට තිබූ කාලය මැයි මස 20 වැනි දා පෙ.ව. 6.00 දක්වා දීර්ඝ කෙරේ. එම කාලයෙන් පසුව මෙහෙයුම් දියත් කර අත්අඩංගුවට ගැනීම සිදු වේ.
අද පස්වරු 07 සිට හෙට අළුයම 4.00 දක්වා වයඹ පළාතටත්, ගම්පහ පොලිස් කොට්ඨාසයටත් බලපැවැත්වෙන ලෙස පොලිස් ඇදිරිනීතිය පනවා ඇත.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/05/15/%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%83%e0%b7%8a%e0%b6%ad-%e0%b7%83%e0%b7%90%e0%b6%9a%e0%b6%9a%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-85-%e0%b6%9a%e0%b7%8a-%e0%b6%85%e0%b6%ad%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *