උපාධි ආයතන සැමට පොදු විය යුතුයි!

අධ්‍යාපන

මද්‍රසා ඇතුළු ඉස්ලාම් අධ්‍යාපන ආයතන පාලනය කිරීමේ කෙටුම්පත පිළිබඳ තවදුරටත් නීතිපති දෙපාර්තමේන්තුව හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර සංශෝධිත පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

මෙරටට ශරියා විශ්වවිද්‍යාල අනවශ්‍ය බවත්, විශ්වවිද්‍යාල පනත අනුව උපාධි ප්‍රදානය කරන ආයතන හැමටම විවෘත විය යුතු බව සහ සියලු දෙනාටම අධ්‍යාපනය ලබාගැනීමට හැකි වාතාවරණයක් ඇතිකිරීම සඳහා අවශ්‍ය කරන වෙනත් කොන්දේසි ද ඊට ඇතුළත් කිරීමට පියවර ගන්නා බවත් ඔහු සඳහන්
කළේය.

ඒ අදාල කෙටුම්පත පිළිබඳ තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ නියෝජිතයින් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් සමඟ 17 වැනි දා අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි.

තවදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා –
මද්‍රසා ඇතුලූ ඉස්ලාම් අධ්‍යාපන ආයතන පාලනය කිරීමේ කෙටුම්පත පිළිබඳ තැපැල්සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා, එතුමාගේ අමාත්‍යාංශයේ නියෝජිතයින් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් සමඟ අපි අද සාකච්ඡා කළා. විශේෂයෙන් මද්‍රසා ඇතුළු ඉස්ලාම් අධ්‍යාපන ආයතන පාලනය කිරීමේ එම කෙටුම්පතට එකතු විය යුතු සංශෝධන පිළිබඳ ද සාකච්ඡා කළා.
තවදුරටත් නීතිපති දෙපාර්තමේන්තුවත්, මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයත් සමග සාකච්ඡා කොට සංශෝධිත පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනවා. ඒ වගේම මෙරටට ශරියා විශ්වවිද්‍යාල අවශ්‍ය නොවන බව මම මෙහිදී අවධාරණය කළා.
එම නිසා විශ්වවිද්‍යාල පනත අනුව උපාධි ප්‍රදානය කරනු ලබන ආයතන සියලු දෙනාටම විවෘත විය යුතුයි. සියලු දෙනාටම අධ්‍යාපනය ලබා ගැනීමට හැකි
වාතාවරණයක් ඇති කිරීම සඳහා අවශ්‍ය කරනු ලබන වෙනත් කොන්දේසි ද ඊට ඇතුළත් කිරීමට කටයුතු කරනවා. ඒ අනුව සෑම ආගමකම, සෑම ජාතියකටම විවෘත කර නිසි පාලනයක් ඇතිව පවත්වා ගෙන යාමට හැකි තත්ත්වයක් ඇති කරනවා.

මෙම සාකච්ඡාවට තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම්, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එස්. එම්. මොහොමඩ්, අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ නීති උපදේශිකා බිම්බා තිලකරත්න, නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරුන් වන මෙරින් පුල්ලේ, අසාත් නවාවි ඇතුළු පිරිසක් සහභාගි වූ හ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/05/17/%e0%b6%8b%e0%b6%b4%e0%b7%8f%e0%b6%b0%e0%b7%92-%e0%b6%86%e0%b6%ba%e0%b6%ad%e0%b6%b1-%e0%b7%83%e0%b7%90%e0%b6%b8%e0%b6%a7-%e0%b6%b4%e0%b7%9c%e0%b6%af%e0%b7%94-%e0%b7%80%e0%b7%92%e0%b6%ba-%e0%b6%ba/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *