වසර 30 ක් පුරා පැවති කුරිරු ත්‍රස්තවාදය මුලනුපුටා දමා මැයි මස 19 වැනි දිනය වස 10 ක් සපිරේ.
ඒ වෙනුවෙන් දසවර්ෂාභිෂේක නමින් විශේෂ වැඩසටහනක් සංවිධාන කෙරෙන බව ආරක්ෂක අමාත්‍යාංශය කියයි.
ජාතිය වෙනුවෙන් සිය උත්තම ජීවිත පුද කළ ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ, සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වීරෝදාර රණවිරුවන් සිහි කිරීම පිණිස එදින රාත්‍රී 07.00 ට දිවයින පුරා සියලු ආගමික ස්ථාන, රජයේ සහ පුද්ගලික ස්ථාන, සියලු නිවෙස්, ත්‍රිවිධ හමුදා කඳවුරු සහ පොලිස්ථාන තුළ සාමයේ පහනක් දල්වන මෙන් ආරක්ෂක අමාත්‍යාංශය සියලු ජනතාවගෙන් ඉල්ලා සිටී.