වැඩි ම සිරකරු පිරිසකට ජනපති සමාව

රටතොට

වෙසක් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 762 දෙනෙකුට ජනපති පොදු සමාව පිරිනැමේ.‍

සිරකරුවන් නිදහස් කිරීමේ රාජ්‍ය උත්සවය වෙසක් පොහොය යෙදී ඇති මැයි 18 වැනි දා පෙරවරු 10.00 ට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් වැලිකඩ බන්ධනාගාර කි‍්‍රඩාංගණයේ දී පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය කියයි.

සුළු වැරදි සඳහා බන්ධනාගාරගත ව සිටින සිරකරුවන් 762 කට මෙලෙස නිදහස හිමි වන අතර සිරකරුවන් 736ක් සහ සිරකාරියන් 26 ක් ඒ අතර වෙති.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තිය යටතේ මෙලෙස සිරකරුවන් සඳහා ජනපති පොදු සමාව ලබාදීමට නියමිත අතර බන්ධනාගාර ඉතිහාසයේ වැඩි ම සිරකරුවන් සංඛ්‍යාවක් එකවර නිදහස් කෙරෙන පළමු අවස්ථාව මෙය වේ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/05/17/2307/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *