රැඳවියන්ට ජනපති සමාව

විශේෂ

වෙසක් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 762 දෙනෙකුට ජනපති පොදු සමාව හිමි වේ.‍

මෙරට ඉතිහාසයේ ප‍්‍රථම වතාවට එම අවස්ථාවට ජනාධිපතිවරයෙකු එක් වීම සනිටුහන් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊට සහභාගි විය.

දිවයිනේ අපරාධ වැඩිවීමට හේතුවන සමාජ තත්ත්වයන් වෙනස්කිරීම සම්බන්ධයෙන් තමා දැඩි කැපවීමකින් කටයුතු කරන බව ඔහු පවසයි.

වෙසක් පොහොය නිමිත්තෙන් ජනපති පොදු සමාව යටතේ සිරකරුවන් 762කට නිදහස ලබාදීම පිණිස 18 වැනි දා පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාර කි‍්‍රඩාංගණයේ විශේෂ උත්සවයක් පැවතිණ.

සිරකරුවන් 736ක් සහ සිරකාරියන් 26 දෙනෙකු එදින නිදහස ලැබූ අතර තමා අතින් නිදහස්වීමේ ලිපි ලැබූ සියලු රැඳවියන්ගේ තොරතුරු විමසීමට ජනපතිවරයා පියවර ගන්නා ලදී.

ඔහු සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේ අද ලබන මෙම නිදහස තම ජිවිතය අර්ථවත්ව ගත කිරීමට යොදා ගන්නා ලෙසයි.

අද දින නිදහස ලබාදෙන්නේ නැවත සිරගෙදරට එනු දැකීමට නොවන බව පැවසූ ජනාධිපතිවරයා, එසේ නිදහස ලබන සියලුදෙනාට තම අනාගතය ගොඩනගා ගැනීමට අවශ්‍ය සෑම අත්වැලක්ම සැපයීමට ද තමා සූදනම් බව පෙන්වා දේ.

ඒ අනුව නිදහස ලද පිරිස අතරින් ස්වයංරැකියාවල නිරතවීමට කැමති පිරිස් හා ඔවුන්ට අවශ්‍ය පහසුකම් පිළිබඳ විමසා බලා අදාල වාර්තාවක් කඩිනමින් තමා වෙත ලබාදෙන ලෙස හෙතෙම බන්ධනාගාර කොමසාරිස්වරයාට උපදෙස් දුන්නේ ය.

උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ තම අරමුණ සිරගෙවල් පිරිවීම නොව සියලූ පුරවැසියන් යහපත් පුරවැසියන් ලෙස සමාජගත
කිරීමත්, රට තුළ අපරාධ වැඩිවීමට හේතුවන සෑම සමාජ පසුබිමක්ම වෙනස් කිරීමත් බවයිම .

නිදහස ලබන රැඳවියන් 05 දෙනෙකුට ස්වයංරැකියා උපකරණ කට්ටල පිළිගැන්වීම ද එහි දී සිදු කෙරිණ.

මේ අතර බන්ධනාගාර රැඳවියෙකු වූ බන්ධනාගාරයේ සිට සමාජ විද්‍යා පශ්චාත් උපාධිය අවසන් කළ ලක්මිණ ඉන්දික බමුණුසිංහ ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීම ඉටුකිරීමට ද හෙතෙම පියවර ගත්තේ ය.

දැනට කැළණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරමින් සිටින ඔහු 2005 වසරේ ශ‍්‍රී ලංකා බොක්සින් සූරයෙකි.

මේ වසරේ ජාතික බොක්සින් ශූරතාවයට ද ඉදිරිපත්වීමට ද අපේක්ෂිත එම තරුණයා සිිය උපාධිය සඳහා අවශ්‍ය නිබන්ධනය සම්පාදනය කිරීමට අවශ්‍ය මුදල් ලබාදෙන ලෙසත්, බොක්සිං තරගාවලියට ඉදිරිපත්වීමට අවස්ථාව සලසා දෙන ලෙසත් ඉල්ලා තිබේ.

නිබන්ධනය සඳහා අවශ්‍ය මුදල් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව පැවසු ජනාධිපතිවරයා අදාල තරගාවලියට ඉදිරිපත්විමට ඉඩ ලබාදීමට ඇති හැකියාව පිළබඳ සොයා බලා අවශ්‍ය කටයුතු ඉටු කරදෙන ලෙස අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ ඇමතිනී තලතා අතුකෝරල වෙත
උපදෙස් දුන්නේ ය.

ඇමතිනී තලතා අතුකෝරල ඇතුළු මැති ඇමතිවරුන්, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම් පියුමන්ති පිරිස්,බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී. එම්. ‍ජේ.ඩබ්ලිවි. තෙන්නකෝන් ඇතුළු බන්ධනාගාර නිලධාරින් මෙම
අවස්ථාවට එක්ව සිටිය හ.

රැඳවියන් හා සහභාගීවන්නන් සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බෞද්ධ සංගමය සංවිධාන කළ වෙසක් බත් දන්සල විවෘත කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/05/18/%e0%b6%bb%e0%b7%90%e0%b6%b3%e0%b7%80%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b6%a2%e0%b6%b1%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b7%83%e0%b6%b8%e0%b7%8f%e0%b7%80/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *